නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම ඇති වූ භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හේතුවෙන් එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් සිදුකර තිබුණි.
මෙහිදී හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවය.