රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ අද (31) දිවයිනට පැමිණීමට නියමිතව බව වාර්තා වෙයි.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගීවීමේ අරමුණින් ඔහු දිවයිනට පැමිණෙන බවය.
දිවයිනට පැමිණෙන රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.