Thursday, March 26, 2026
Follow Us
ඉන්දු - ශ්‍රී ලංකා ආරක්‍ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය කොළඹදී  පැවැත්වෙයි
ඉන්දු - ශ්රී ලංකා ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්රණය ඊයේ (25) කොළඹ දී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික)මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.

 

ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් Santosh Jha මහත‌ා විසින් ආරක්ෂක ලේකම්වරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
 
ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් "නව අවස්ථා හඳුනාගැනීම සහ නව සබඳතා ගොඩනැගීම" (Identifying New Opportunities and Forging New Bonds) යන තේමාව යටතේ සංවිධාන කර තිබූ මෙම සම්මන්ත්රණය මෙවර පැවතියේ තුන්වන වරටයි.
 
එහි දී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා ප්රකාශ කළේ, දිනෙන් දින වර්ධනය වන ඉන්දු - ශ්රී ලංකා හවුල්කාරිත්වය, දෙරට අතර අන්යොන්ය විශ්වාසය සහ පොදු ආරක්ෂක අවශ්යතා මත පදනම් වූ දීර්ඝකාලීන සබඳතාවක් බවයි.
 
ත්රිවිධ හමුදාපතිවරුන්, ජ්යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක කර්මාන්ත ක්ෂේත්රයේ විශේෂඥයන් සහ රාජ්ය පරිපාලන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.