Monday, March 23, 2026
Follow Us
ශ්‍රී ලංකාවට තෙල් දීමට ඉරානය සූදනම්

ඉරානය මෙරටට තෙල් දීමට සූදානම් බව අද (23) ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා පවසයි.

ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් 

මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බවය. 

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙල්කෝෂ් මහතා මෙහිදී අවධාරණය කළේය.