Monday, March 23, 2026
Follow Us
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අතර හමුවක්
ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතා සහ ඕස්ට්රේලියානු මහකොමසාරිස් Matthew Duckworth මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේ පැවැත්විණි.

 

මෙහිදී දෙරට අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාව පිළිබඳ අදහස් හුවමාරු වූ අතර, ශ්රී ලාංකිකයන් වෙනුවෙන් ඕස්ට්රේලියාව ලබා දෙන අධ්යාපනික මෙන්ම රැකියා අවස්ථා සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
 
අධ්යාපන ක්ෂේත්රයේදී මෙන්ම ක්රිකට් ක්රීඩාවේදීත් ඕස්ට්රේලියාව සහ ශ්රී ලංකාව අතර සමීප සබඳතාවක් පවතින බව ඕස්ට්රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඉන්දියන් සාගරයේ මිනිස් ජාවාරම සහ මත්ද්රව්ය ජාවාරම්වලට එරෙහිව දෙරටම අවධානයෙන් පසුවන බවද මෙහිදී සඳහන් කෙරිණි.
 
ශ්රී ලංකාවේ අධ්යාපන, කෘෂිකර්මාන්ත සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් අවශ්ය ඕනෑම සහායක් ලබා දෙන බව මෙහිදී පැවසූ ඕස්ට්රේලියානු මහ කොමසාරිස්වරයා මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ශ්රී ලංකාවට මෙන්ම ඕස්ට්රේලියාවටද යම් බලපෑමක් සිදුව තිබෙන බව සඳහන් කළේය.
 
මෙම අවස්ථාවට ඕස්ට්රේලියාවේ නියෝජ්ය මහ කොමසාරිස් Ruth Baird සහ දෙවන ලේකම් (Second Secretary) Matthew Lord යන මහත්වරුන්ද එක්ව සිටියහ.