Friday, March 13, 2026
Follow Us
මියගිය ඉරාන නාවිකයින්ගේ සිරුරු මත්තලින් සිය ඉරානයට

නෞකාව ගාල්ලේ සිට නාවික සැතපුම් 19 ක් පමණ දුරකදී මුහුදුබත් වුණේ පසුගිය 4 වනදා.

ජාත්‍යන්තර මුහුදේදී ඇමෙරිකානු සබ්මැරීනයක ටෝර්පිඩෝ ප්‍රහාරයකින් පසුගිය 4 වනදා  ‘IRIS Dena’ නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගෙන් 45 දෙනෙකුගේ මළ සිරුරු අද එරටට යැවීමට නියමිතයි.

ගාල්ල ජාතික රෝහලේ අධි ශීතාගාර දෙකක තැන්පත් කර තිබූ සිරුරු 45 ක් මේ වනවිට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

එමෙන්ම, ජීවිතක්ෂයට පත්වූ අනෙක් ඉරාන නාවිකයින්ගේ සිරුරු ද එරටට රැගෙන යාමට නියමිතයි.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ කරන ලද නියෝගයක් අනුව මළසිරුරු ඉරාන තානාපති කාර්යාලයට භාර දීමට අද ගුවනින් රැගෙන යනු ලබයි.