Friday, February 27, 2026
Follow Us
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්
ශ්රී ලංකාව සහ ෆින්ලන්තය අතර දිගුකාලීන හා සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් හා 1954 වසරේ දී දෙරට අතර රාජ්යතාන්ත්රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ඇති කරගත් ද්විපාර්ශ්වික සබඳතා සහ කල් පවතින මිත්රත්වය පිළිබිඹු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවන වටය පසුගියදා (25) හෙල්සින්කි හිදී පැවැත්විණි.

 

ශ්රී ලංකා - ෆින්ලන්ත සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයකක් සනිටුහන් කරමින් ශ්රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මෙම උපදේශන සාකච්ඡාවල දී සිදු විය.
 
මෙම අවබෝධතා ගිවිසුම මගින් දේශපාලන සංවාද සහ සහයෝගීතාව සඳහා ව්යුහගත සහ විධිමත් ක්රියාපිළිවෙළක් ආයතනගත කරන අතර, ද්විපාර්ශ්වික කටයුතුවල අඛණ්ඩතාව සහ උපායමාර්ගික දිශානතිය සහතික කෙරේ.