නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර රාජ්‍ය නායකයින් රැසක් අතර ද්විපාර්ශවීය සාකච්ජා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (??) පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්රසීලයේ ජනාධිපති මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ සිදු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ භූතානයේ අගමැති Tshering Tobgay මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ සිදු විය.