Thursday, April 09, 2026
Follow Us
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානය දිනාගත් තරගය බවට පත්වී තිබෙන ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් තරගයට සහභාගීවීමේ අරමුණින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනට පැමිණියේය. 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග 41ක් දෙනෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් 12 දෙනෙකු මෙලෙස ගුවන් මගින් මෙරටට පැමිණ තිබෙන බව ද වාර්තා වෙයි. 

ඒ අනුව දෙරට අතර තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.