Thursday, February 12, 2026
Follow Us
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයින් 7 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය සමුළුවට එක්වෙයි
පාර්ලිමේන්තුවේ නියෝජ්ය කථානායක (වෛද්ය) රිස්වි සාලි මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්, 2026 පෙබරවාරි 3 සිට 7 දක්වා පකිස්ථානයේ කරච්චි නුවර පැවති 7 වන පොදුරාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපීය සමුළුව, 2 වන ඒකාබද්ධ පොදුරාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කඳවුරට සහ නැගෙනහිර ආසියානු කලාපීය සමුළුවට සහභාගී වූහ.

 

පකිස්තානයේ සින්ද් පළාත් සභාව විසින් සත්කාරකත්වය දරන ලද මෙම සමුළුව "අනාගතයේ පාර්ලිමේන්තු: විශ්වාසය, සියලුදෙනාටම අවස්ථාවන් ලබාදීම, නවෝත්පාදනය සහ සාමය තුළින් ප්රජාතන්ත්රවාදය නැවත අර්ථ දැක්වීම." යන තේමාව ඔස්සේ පැවැත්විණි.
 
සහභාගී වූ නියෝජිතයෝ කරච්චි ප්රකාශනය සම්මත කර ගැනීමෙන් සමුළුව අවසන් වූ අතර ප්රජාතන්ත්රවාදී පාලනය, ව්යවස්ථාමයබව, පාර්ලිමේන්තු වගවීම, සියලු දෙනා හට අවස්ථාව ලබා දීම, නවෝත්පාදනය සහ තිරසාර සාමය සඳහා කැපවීම නැවත තහවුරු කෙරිණි. එසේම මහජන විශ්වාසය පහත වැටීම, ව්යාජ තොරතුරු සංසරණය සහ දේශගුණික අවදානම වළක්වා ගැනීම මෙන්ම පාර්ලිමේන්තු රාජ්ය තාන්ත්රිකභාවය හරහා තාක්ෂණික දියුණුව ඇති කිරීමේ අවශ්යතාවත් මෙහිදී අවධාරණය කෙරිණි.