අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ද අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කර ඇති එම තහනම පිළිබඳ අධ්‍යයනයක නිරතව සිටින බව ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ සඳහන් කර තිබෙන බව ද වාර්තා වෙයි.
එරට ප්‍රධාන ආර්ථික උපදේශකවරයාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික ආර්ථික සමීක්ෂණයක් පදනම් කරමින් සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වයස් සීමාවන් සලකා බැලිය යුතු බවට ඉන්දීය රජය නිර්දේශ කර ඇතැයි ද වාර්තා වේ.
මෙහිදී යම් නීතිමය අභියෝග මතුවිය හැකි බව ද ඉන්දියාවේ නීති ක්ෂේත්‍රයේ විශේෂඥවරුන් අනතුරු අඟවා ඇති බව ද වාර්තා වෙයි.
මේ වසරේ ආරම්භයේ සිට 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගත් අතර, මේ වනවිට ලොව පුරා රටවල් රැසක එවැනි තහනමක් පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.