Saturday, February 07, 2026
Follow Us
T20 ලෝක කුසලානය අද ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද සිට (07) ආරම්භ වේ.

තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වේ. ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දිව තරගයක් වන එය පෙ.ව. 11ට ආරම්භ විය. 

අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර, එහිදී බ.ඉ. කොදෙව්වන් ස්කොට්ලන්තයට එරෙහිව කොල්කටාහිදීද, සත්කාරක ඉන්දියාව අමෙරිකාවට එරෙහිව මුම්බායිහිදීද තරග වැදීමට නියමිතව ඇත. 

ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩාකරන අතර, එම තරගය හෙට (8) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත් හා ආකර්ෂණීයම තරග රටාව ලෙසින් පිළිගැනන විස්සයි20 ආකෘතියෙන් ලෝක කුසලානයක් පැවැත්වෙන 10වන අදියර මෙයයි. 

ඉන් ශ්‍රී ලංකාව මීට පෙර 2012 වසරේ දීද, ඉන්දියාව 2016 වසරේ දීද වෙන් වෙන් වශයෙන් සත්කාරකත්වය ලබා දී තිබුණි.

තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවක් ඉන්දියාවේ පැවැත්වෙන අතර, එම තරග චෙන්නායි, කොල්කටා, දිල්ලි, අහමදාබාද් හා මුම්බායි නගරවල පැවැත්වේ.