අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගත් සැකකරුවෙකුට එරට අධිකරණයක් විසින් ජිවිතාන්තය දක්වා සිරදඞුවම් නියම කර තිබේ.
2024 වසරේ සැප්තැම්බර් මාසයේ ෆ්ලොරිඩාහි ගෝල්ෆ් පිටියේ දී එවකට ජනාධිපති අපේක්ෂකයෙකුව සිටි වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුට මෙම දඞුවම නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ සැකකරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.