Saturday, September 12, 2026
Follow Us
යාල ජාතික වනෝද්‍යානයට නියඟයෙන් දැඩි බලපෑම්

පවතින අධික වියළි කාලගුණය යාල ජාතික වනෝද්‍යානයට දැඩි බලපෑම් එල්ල කර තිබෙන බව වාර්තා වන අතර එම තත්ත්වය තුළ සත්තුන්ගේ ජල පිපාසය නිවීමට වනජීවි දෙපාර්තමේන්තුව දැඩි වෙහෙසක් දරයි.

මෙරට විශාලත්වයෙන් දෙවන ජාතික වනෝද්‍යානය වන යාල, ඌව සහ දකුණු පළාතට අයත් ගිනිකොණදිග වියළි අර්ධ ශුෂ්ක කලාපයේ පිහිටා තිබේ.

ඒ හේතුවෙන් වනෝද්‍යානයේ සතුන්ට දැඩි පානීය ජල ගැටලුවකට මුහුණදීමට සිදුවී ඇති අතර අධික වියළි කාලගුණය නිසා ගහකොළ, තණබිම් වියළීයාමෙන් ඔවුන් ආහාර හිඟයකට ද මුහුණ දීම ගැටලුවකි.

මෙවැනි පසුබිමක අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ආහාර සහ ජලය සොයා යාමේදී සතුන්ට සිදුවන බාධා අවම කිරීම සඳහා මාසයක කාලයක් යාල ජාතික වනෝද්‍යානයේ අංක 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.