Wednesday, February 04, 2026
Follow Us
ශ්‍රී ලංකා දුම්රිය සේවයට තවත් නවක නිලධාරීන් බඳවා ගැනේ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම යටතේ තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ වලින් සමත් සුදුසුකම් ලත් නවක නිලධාරීන් හතලිස් දෙදෙනෙකු සදහා පත්වීම් ලිපි ප්රදානය ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණ.

 

පත්වීම් ප්රදානෝත්සවය කොළඹ 10, මරදාන පිහිටි දුම්රිය මූලස්ථාන ශ්රවණාගාරයේදී අද (03) පැවැත්විණ.
 
නවක නිලධාරීන් බඳවා ගැනීම යටතේ දුම්රිය එන්ජින් රියදුරන් 30 දෙනෙකු, දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් 09 දෙනෙකු සහ උපදේශකවරු 03 දෙනෙකු ඇතුලුව 42 දෙනෙකු බඳවා ගැනීම සිදුවිය.
 
ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් අනුව රාජ්ය ප්රතිපත්තියට අනුව 2025.07.05 වන දින පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්රතිඵල මත 2025.12.29 සහ 30 දෙදින පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ වලින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් නව තනතුරු සදහා බඳවාගෙන ඇත.
 
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දිගු කාලීනව පැවති විවිධ වර්ගීකරණයන්ට අයත් තනතුරු පුරප්පාඩු සදහා විධිමත් බදවා ගැනීම් වර්තමාන රජය විසින් ආරම්භ කළ අතර, එහි ප්රතිඵලයක් ලෙස 2025 වසරේදී 909 දෙනෙකු තරග විභාග ප්රතිඵල සහ සම්මුඛ පරීක්ෂණ ක්රමවේදය තුලින් බඳවාගැනීම සිදුකෙරිණ.