Friday, December 05, 2025
Follow Us
සති තුනකින් කසල ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්
 
බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් ඊයේ  (04) දින අග්රාමාත්ය කාර්යාලයේදී පැවැත්විණි.

 

එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩනැගුණු කසළ ක්රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් සති තුනකින් අවසන් කළ යුතු බව අග්රාමාත්යතුමිය විසින් සඳහන් කරන ලදී. මෙම වැඩපිළිවෙළේදී ගොඩගැසෙන කසළ ඉක්මනින් ඉවත් කර ගැනීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කෙරවලපිටිය පිහිටි භූමියෙන් අක්කර පහක ඉඩම ලබා දී ඇති බැවින්, ඒ අනුව දැනට ගොඩගැසෙන කසළ ගැටලුවකින් තොරව ඉවත් කර ගැනීමට හැකි බව කමිටුව තීරණය කරන ලදී. එම ඉඩමේ ගබඩා වන කසළ ක්රමවත්ව ඉවත් කිරීමටද එහිදී අදාළ ආයතන එකඟ විය.
 
මේ අවස්ථාවට නාගරික සංවර්ධන අමාත්ය එරංග ගුණසේකර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, පාර්ලිමේන්තු මන්ත්රී, කොළඹ දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණ ආරච්චි, කොළඹ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර්, අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රී, කොළඹ දිස්ත්රික් ලේකම් ගිනිගේ ප්රසන්න ජනක කුමාර, අතිරේක දිස්ත්රික් ලේකම් කෞශල්යා කුමාරි, අග්රාමාත්ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන්ද, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන්ද, මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ද, විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්යාධිකාරී ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.