Monday, November 24, 2025
Follow Us
'Clean Sri Lanka' ජාතික වැඩසටහන අනුරාධපුර දුර ගමන් සේවා බස් රථ නැවතුම්පොළ නවීකරණයට
බස් රථ නැවතුම් පොළවල් හා දුම්රිය ස්ථාන, ආරක්ෂාව සහ පහසුකම් සපිරි පොදු මගී මධ්යස්ථානයන් බවට පරිවර්තනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ ක්රියාත්මක ‘ක්ලීන් ශ්රී ලංකා’ ජාතික මෙහෙයුමේ මූල්ය හා සේවා දායකත්වය යටතේ නවීකරණය කරන ලද අනුරාධපුර, දුර ගමන් සේවා බස් රථ නැවතුම්පොල මගී ජනතාවගේ පරිහරණයට පත්කර ඇත.
මෙම බස් රථ නැවතුම්පොළේ සිට ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථ දුර ගමන් සේවා ආරම්භ කරනු ලබන අතර, ඒකාබද්ධ කාලසටහනක් යටතේ සේවාව ක්රියාත්මක වේ.
 
අන්තර් පළාත් බස් රථ සේවය විධිමත් කරමින් ඊට අවශ්ය යටිතල පහසුකම් වර්ධනය කිරීම මෙහි අරමුණ වන අතර ‘ක්ලීන් ශ්රී ලංකා’ ජාතික වැඩසටහනේ මෙහෙයවීමෙන් රාජ්ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ දිවයින පුරා මේ වනවිට සාර්ථකව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කෙරේ.
 
අනුරාධපුර සිට ගමන් අරඹන බදුල්ල, මතුගම, කොළඹ, කුරුණෑගල, ඇඹිලිපිටිය, මහනුවර ඇතුලු දුරබැහැර ප්රදේශ වෙත ගමනාගමනයේ යෙදෙන බස් රථ සේවකයින්ගේ සහ මගී ජනතාවගේ පහසුව හා ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම නවීකරණ වැඩසටහන ක්රියාත්මක කර ඇත.