2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වී හෝ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් වෙත මූල්ය සහනාධාර ලබාදීමේ වැඩසටහන ඊයේ (30) ආරම්භ කෙරි්ණි.
 
මෙම වැඩසටහන යටතේ වී වගා කරන ගොවීන් සදහා හෙක්ටයාරකට රු.25,000 බැගින් සහ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් සදහා හෙක්ටයාරයකට රු. 15,000 බැගින් මූල්ය සහනාධාරයක් හිමිවේ.
මේ යටතේ 2025/ 2026 මහ කන්නයේදී වී වගා හෙක්ටයාර 859,159 කට සහ අතිරේක ආහාර බෝග හෙක්ටයාර 9,650 කට සහනාධාර හිමිවීමට නියමිතය. මේ වෙනුවෙන් රජයේ ඇස්තමේන්තුගත වියදම රු. මිලියන 20,000 කි. මෙයින් රු. මිලියන 16,000 ක් 2025 දෙසැම්බර් 31 දිනට පෙර වගාකරුවන් වෙත ගෙවීමට නියමිත අතර, ඉතිරි රු. මිලියන 4,000 ක මුදල මහ කන්නයේ වගා කිරීම ප්රමාදවන ප්රදේශවල ගොවීන්ට 2026 වසරේ මුල් කාර්තුවේදී ගෙවීමට නියමිතය.
වී සහ අතිරේක බෝග වගාවන්හි නිෂ්පාදනය සහ ඵලදායීතාවය ඉහළ නැංවීම සහ ගොවි ජනතාවගේ නිෂ්පාදන පිරිවැය පහළ හෙලීමේ අරමුණින් ක්රියාත්මක වන මෙම වැඩසටහන මඟින් ගොවීන් ලක්ෂ 14 කට අධික පිරිසකට සෙත සැලසේ. පළමු දිනය තුළම ගොවීන් 125, 383 දෙනෙකු වෙත රු. මිලියන 1154 ක මුදලක් නිදහස් කිරීමට කටයුතු කෙරිණි.
 
     