මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" (NHDC) අද (30) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී රැස්විය.
මෙම විද්වත් කතිකාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, මෙරට විශ්වවිද්‍යාල, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන මෙන් ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ සහ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් රාශියක් එක්විය.
මෙරට ජනතාවට ගුණාත්මක, ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන් ම ඉදිරි කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති හා උපාය මාර්ගික සැලසුම් සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මෙම විද්වත් කතිකාවේ දී ඉතා පුළුල්ව සලකා බලනු ලැබී ය.
මෙවර අයවැයෙන් සෞඛ්‍ය අංශයේ ඉදිරි ප්‍රගමනය සදහා වෙන්කරන ලද මුදල් නියමිත ආකාරයෙන් එම අංශ සහ ක්ෂේත්‍ර සඳහා ම යොදවමින් විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් මෙම විද්වත් කතිකාව පැවැත්වීම විශේෂත්වය කි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කර මෙරට ජනතාවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තම ප්‍රදේශය තුළ ම ප්‍රාථමික සෞඛ්‍ය සත්තකාර ඒකක ස්ථාපිත කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වන අතර එම ව්‍යාපෘතිය සක්‍රියව කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානයක් යොමු විය.
මෙම අවස්ථාවට එක්වෙමින් විශේෂ අදහස් දැක්වීමක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව මේ වන විට ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව ඇති බවත්, සෞඛ්‍ය දර්ශක අතින් කලාපය තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන් ම සිටින බව අවධාරණය කළේ ය. එමෙන් ම මෙරට ආයු අපේක්ෂාව, අවම මාතෘ හා ළදරු මරණ අනුපාතයක් පවත්වාගෙන යාම ඊට හොඳම උදාහරණ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකාව එවැනි ප්‍රශංසනීය මට්ටමකට පත් වීමට මෙරට සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල අපරිමිත කැපවීම බෙහෙවින් ඉවහල් වූ බව මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැනනගින අභියෝගයන් ට සාර්ථක මුහුණ දී ඊට සුදුසු ම විසදුම් ලබා දෙමින් එම සේවාව විධිමත්ව කාර්යක්ෂමව පවත්වාගෙන යාමට කටයුතු කරන කළ යුතු බව ද අවධාරණය කළේ ය.
මෙම ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටු රැස්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සැලසුම් අංශය මගින් සංවිධානය කළ අතර මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් රැසක් ද එක්ව සිටියහ.