වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා සිදුකරනු ලබන දන්සල් ඊයේ (11 ) වන විට 9,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එලෙස ලියාපදිංචි කරගත් දන්සල්වලින් වැඩිම ප්‍රමාණය මැයි මස 12 සහ 13 දිනවලදී පැවැත්වෙන බව වාර්තා වෙයි.
දන්සල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක් යොදවන බවත් වැඩිම දන්සල් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් එම සංගමය පෙන්වා දී ඇත.
දන්සල් සඳහා ආහාර පිළියෙළ කරන ස්ථාන, දන්සල් පවත්වන ස්ථාන, අමු ද්‍රව්‍ය, ජලය පිළිබඳව නිරන්තරයෙන්ම පරීක්ෂා කිරීමට එම සංගමය සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දැනුවත් කළ බව පැවැසූ ලේකම්වරයා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ බෝවන රෝග ඇති පුද්ගලයන් දන්සල් සඳහා සහභාගි නොවීමට වගබලා ගතයුතු බවද පැවැසීය.