Saturday, July 27, 2024
Follow Us
මාර්තු දක්වා උෂ්ණත්වයෙන් අඩුවක් නැහැ

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 ​ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වුණි.

එම අගය සෙල්සියස් අංශක 36 ක්.

කෙසේ වෙතත් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.