Saturday, July 05, 2025
Follow Us
සයිප්‍රසයට යන ශ්‍රමිකයින්ට දැනුම් දීමක්

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන්, සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් එරටට පැමිණීමට ප්‍රථම කොව්ඩ් 19 වැළඳී නොමැති බවට තහවුරුවක් ලබා ගත යුතු අතර, එම පරික්ෂණ වාර්තාවේ අනිවාර්යෙන් අඩංගු විය යුතු කරුණු පිළිබඳව සයිප්‍රස් රජය විසින් දැනුම් දී ඇත.

ඒ අතරට, සාම්පල ලබාගත් දිනය, පරික්ෂණාගාර වාර්තා ක්‍රමවේදය (RT-PCR විය යුතුය), ඉල්ලුම්කරුගේ නම සහ පරික්ෂණ ප්‍රතිඵලය අඩංගු විය යුතුය.

RT-PCR පරික්ෂණය හැර කොවිඩ් 19 වැළඳී ඇත්දැයි පරික්ෂා කිරීමට සිදුකරන වෙනත් ප්‍රතිදේහ/ ප්‍රතිදේහ ජනක පරික්ෂාවන් (Antibody/Antigen) වලංගු නොවන බවද දන්වා තිබේ.

ඉහත තොරතුරු අඩංගු නොවන අසම්පූර්ණ පරික්ෂණාගාර වාර්තා සයිප්‍රස් රජය මගින් පිළිනොගන්නා හෙයින් විදේශිකයින්ට එරටට ඇතුළුවීමට අවසර ලබානොදෙන බව සයිප්‍රසයේ ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය දන්වා ඇත.

(Aruna)