Saturday, July 05, 2025
Follow Us
නව රජය හා පාර්ලිමේන්තුව සමග එක්ව කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් – තානාපති කාර්යාලයෙන් ලියවිල්ලක්

නව රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල්වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. ශ‍්‍රී ලංකාවේ මහ මැතිවරණය පිළිබ`දව ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ප‍්‍රකාශයේ මේ බව ස`දහන් වේ.

අගෝස්තු 5 වැනිදා ශ‍්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා ඡුන්ද මධ්‍යස්ථානවලට ගියහ. කොවිඞ් 19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක‍්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට සුබ පතනු ලැබේ.

නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියලූදෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේ ක‍්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අලූත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල්වී කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

(Lanka Leads)