Sunday, July 06, 2025
Follow Us
ගුගල් සේවකයින්ට තවත් වසරක් යනතෙක් නිවෙස් හි සිට සේවය කිරිමට උපදෙස්

ලොව විශාලතම තාක්ෂණික සේවා සැපයීම් සමාගම වන ගුගල් සමාගම සිය ලක්ෂ 02ක් පමණ වන සේවකයින්ට තවත් වසරක කාලයක් සිය නිවෙස් වල සිට රැකියාවේ නිරතවන ලෙස අද දැනුම් දෙනු ලැබුවා.

ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි ප්‍රකාශ කළේ පසුගිය සතියේ දී ඉහළ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ජාවකින් පසුව එම තීරණය ගනු ලැබු බවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2021 වර්ෂයේ ජුනි මස 30 වෙනිදා දක්වා සිය නිවෙස් වල සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙස ගුගල් සමාගම සිය සේවකයින් වෙත අද ඊමේල් පණිවිඩයක් මගින් දැනුවත් කරනු ලැබුවා.

(Neth)