Wednesday, February 11, 2026
Follow Us
ලෝක කොටි ලොක්කා හෙළිවෙයි

කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියා ප‍්‍රංශයේ සිටින බොස්කෝ මරියදාස් බව අනාවරණය වී ඇත. මේ රහස හෙළිවූයේ වසර 11 කට පසුවය.

රාජ්‍ය නොවන සංවිධාන 16 ක් මෙහෙයවන බොස්කෝ ගැන මෙතෙක් තොරතුරු වසන්වී තිබිණි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ලෝ පූජිත බැංකුවක ඇති කොටි ජාත්‍යන්තර ජාලයේ අරමුදල් පාලනය කරන්නේ බොස්කෝ බව වැඩිදුරටත් හෙළිවී ඇත.

ස්විට්සර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැති නිසා එම බැංකුවේ තැන්පත්කර ඇති ගිණුම්වලින් මුදල් ලබා ගැනීමට ඔහුට ඉඩ ලැබී තිබේ.

ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැුස්වීම් පැවැත්වීම, යුධ අපරාධ දුටු බවට බොරු සාක්ෂිකරුවන් ජිනීවා වෙත ගෙන ඒම, ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තා ඉදිරිපත් කිරීම යන මෙහෙයුම් දියත් කරන්නේ මරියදාස් බොස්කෝයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර පැවැත්වීමෙන් පසු හිටි හැටියේම කවුන්සිල ශාලාවෙන් අතුරුදන් වන්නේද බොස්කෝය.


(Lanka Leads)