Monday, July 07, 2025
Follow Us
ආසියානු කුසලාන පන්දුවාර විස්ස තරගාවලිය ලබන වසරේ ලංකාවේදී

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය ලබන වසර දක්වා කල්දැමීමට ආසියානු කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ (09) පැවැති ආසියානු කි‍්‍රකට් කවුන්සිල විධායක රැස්වීමේදීයි. එහිදී මෙම තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

මෙවර තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද, පසුව එහි සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට ලබාදීමට පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය එකගතාව පළ කළා.

මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය මෙම වසරේදී නොපැවැත්වෙන බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි ද ප‍්‍රකාශ කර තිබෙනවා.

(Neth)