Wednesday, February 11, 2026
Follow Us
ජිනීවා යෝජනාව නතර කරන්නේ නෑ – බි‍්‍රතාන්‍ය තානාපතිනිය කියයි

ජිනීවා යෝජනාවට සහාය නොදක්වන බව ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත දැනුම් දුන්නත් එම යෝජනාව දිගටම ගෙනයන බව බි‍්‍රතාන්‍ය තානාපතිනි රීටා ෆ්‍රෙන්ච් ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ප‍්‍රකාශ කර ඇත.

එසේම ජිනීවා යෝජනාවේ අංගයක් වූ යුද අපරාධ චෝදනා ගැන ද ක‍්‍රියාකරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ශ‍්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව දේශීය ක‍්‍රියාදාමයක් මත ඉටුකරන බව පැවසුවත් එය කෙරෙහි විශ්වාසයක් තිබිය යුතු බව ද බි‍්‍රතාන්‍ය තානාපතිනිය පැවසුවාය.

(Lanka Leads)