Tuesday, February 10, 2026
Follow Us
හමුදා බුද්ධි ප‍්‍රධානියා සර්වලෝක නීතිය යටතේ අල්ලන්න… සුකා ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලයි

හමුදා බුද්ධි සේවයේ ප‍්‍රධානියා වූ මේජර් ජෙනරාල් සුරේශ් සැලේ සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නැයි එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා මහත්මිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා ඇත.

හමුදා බුද්ධි ප‍්‍රධානියා පුදුකුඩිඉරිප්පු රෝහලේ හිටපු වෛද්‍ය තුරේරාජා වර්ධරාජාට වධහිංසා පමුණුවා බොරු ප‍්‍රකාශයන් ලබාගත් බවත් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව වසන් කළ බවත් සුකා සිය පැමිණිල්ලේ දක්වා තිබේ. ලසන්ත වික‍්‍රමතුංග සිද්ධියටද බුද්ධි ප‍්‍රධානියා සම්බන්ධ බවට ඇය එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම සර්වලෝක නීතිය යටතේ මේජර් ජෙනරාල් සුරේෂ් සැලේ යුරෝපා රටකට පැමිණියහොත් අත්අඩංගුවට පත්වේ.

මේජර් ජෙනරාල්වරයාට අමතරව තවත් හමුදා නිලධාරීන් 58 කට සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඇය මෙයට පෙර ඉල්ලා තිබුණි.

Divaina