හදිසි අවශ්‍යතාවයන්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පුද්ගලික බැංකුවලත් ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව රාජ්‍ය ආයතන වලට හිමිවේ.
Leader of the 43 Brigade MP Patali Champika Ranawaka has written to the International Monetary Fund (IMF) seeking an explanation of the Sri Lankan Government’s recent decision to impose an electricity tariff hike.
සිය ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හඳුනා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දෙයි.
The Colombo stock market bounced back this week to close on the up having suffered negative closings in the previous two weeks.
සමාජ ආරක්ෂණ බද්දෙන් සහල් නිදහස් කිරීමට හැකි වන පරිදි අදාළ පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී ඇත.
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) නව සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩි ඡන්දයෙන් තේරි පත්විය. ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ (24) පැවති අවස්ථවේදීය.
එහිදි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ නම ප්‍රසන්න රණවීර මහතා විසින් යෝජනා කළ අතර (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා විසින් ස්ථිර කරන ලදී.
එසේම, කෝපා කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් ස්ථිර කරන ලදී. එහිදී පැවති ඡන්ද විමසීමේදී ලසන්ත අලගියවන්න මහතාට පක්ෂව ඡන්ද 14 ක් ලැබුණු අතර කබීර් හෂීම් මහතාට පක්ෂව ඡන්ද 07 ක් ලැබිණි.
2004 සිට කාරක සභා ගණනාවක් නියෝජනය කිරීමෙන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් තමා ලබා ඇති බවත්, මෙම කාරක සභාව තුළදී පක්ෂ භේද නොසලකා ස්වාධීනව රට වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් ඉටුකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා කමිටු සාමාජිකයන් සියළුදෙනාගේම සහය අපේක්ෂා කරන බවත් මෙහිදී අදහස් දක්වමින් නව සභාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු ඉතිහාසයේ පැරණිතම කාරක සභාව ලෙස 2023 ඔක්තොබර් මාසය වන විට වසර 100ක් සපුරණ බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රටේ මූල්‍ය පාලනය හිමි පාර්ලිමේන්තුව විසින් අයවැය සම්මත කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාවලිය පිළිබඳ පාර්ලිමේන්තුව වෙනුවෙන් එහි අධීක්ෂණය සිදු කරනු ලබන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් වන බැවින් පාර්ලිමේන්තු සභා ගර්භයට ඇති වගකීමට සමාන වගකීමක් මෙම කාරක සභාවටද පවතින බව අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 51.7හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 50.6 දක්වා පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
Sunquick Lanka Ltd. last week opened its Sunquick RTD manufacturing facility in Horana reassuring its strong presence in the Sri Lankan market.
නව රජය බලයට පත් වන විට ගෙවා දැමීමට තිබූ බිල්පත්වලින් 53%ක් ගෙවී ගිය මාස 5ක කාලය තුළ ගෙවා දැමීමට කටයුතු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ භූමිතෙල් මිල රු. 50කින් පහත දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ ආනයන බද්ද පසුගියදා අඩු කළද , එය අදාළ වන්නේ රාජ්‍ය අංශයට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප්‍රංශ රජයේ, මිචෙලින් ව්‍යාපාර සමුහයේ සහ මිචෙලින් ලංකා සමාගමේ සහයෝගීතාවයෙන් යුතුව River (The Rubber Improvement of Value Chain & Embedded Small holders Resilience ) ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ විය.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ප්‍රංශ තානාපති ෂෝන්-ෆ්‍රංසුවා පැක්තෙ ( Jean - Francois Pactet) මහතාගේ සහභාගිත්වයෙන් මෙය ආරම්භ කෙරිණි .
මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල සුළු පරිමාණ රබර් වැවිලිකරුවන් 6,000කගේ ආර්ථික සංවර්ධනය ඉලක්ක කොට ගෙන දියත් කෙරෙන මෙම River ව්‍යාපෘතිය අවුරුදු 3ක් පුරා
ක්‍රියායාත්මක කිරීමට නියමිතයි. එහිදී හරිත නවෝත්පාදනයන් දියුණු කිරීම වෙනුවෙන් යුරෝ 565,000ක මූල්‍ය ප්‍රතිපාදන ව්‍යාපෘතිය තුළ වෙන් කෙරෙන අතර සම්පූර්ණ ආයෝජනය යුරෝ මිලියනයක් වේ. එම මූල්‍ය ප්‍රදානයන් ප්‍රංශයේ ආර්ථික සහ මුල්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වයක් ලෙසින් ආයෝජනය කිරීම සිදුකරයි.
මෙම ව්‍යාපෘතිය සදහා මිචෙලින් සමුහයේ මුල්‍ය සහයෝගය ද හිමි වන අතර එහි මෙහෙයුම් කටයුතු එම සමුහයේ දේශීය අනුබද්ධිත ආයතනය වන මිචෙලින් ලංකා සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ මෙහෙය වීම සහිතව Ksapa සමාගම විසින් මෙම ව්‍යාපෘතියේ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉටු කරනු ලබයි.
රබර් හා අනෙකුත් විවිධාංගීකරණය කරන ලද බෝග වගා කිරීම, ක්ලෝන තෝරා ගැනීම, රබර් කිරි එකතු කිරීම, පොහොර යෙදීම, රසායනික භාවිතය සම්බන්ධයෙන් පුහුණුව ලබාදීම සහ ව්‍යවසායකත්වය , මානව සම්පත් කළමනාකරණය, නායකත්වය වැනි කුසලතා ගොඩනැංවීම සහ වගකීම් සහගත කම්කරු කළමනාකරණ පිළිවෙත් ආදිය ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය ඔස්සේ සිදුවේ.
එමෙන්ම මෙම ව්‍යාපෘතියේ අවශ්‍යතාවලට අනුකූල වන පරිදි ස්වභාවික සුළු පරිමාණ රබර් වගාකරුවන් 6000කගේ සමාජ වගකීම් මෙන්ම පාරිසරික වශයෙන් හිතකර භාවිතයන් අනුගමනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරෙන අතර ව්‍යාපෘතිය මගින් ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් 30,000 කට පමණ ප්‍රතිලාභ උදා කරදීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම එම රබර් වගාකරුවන් 6,000ගේ පවුල් ආශ්‍රිත ආදායම් මාර්ග හා නිපුණතා වැඩි දියුණු කරමින් ඔවුන් වෙත අමතර ආර්ථික ප්‍රතිලාභ උදා කිරීමද මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.
එයට අමතරව Ksapa සමාගම විසින් සංවර්ධනය කරනු ලැබෙන SUTTI නමැති ජංගම දුරකතන යෙදවුමක් ද මීට සමගාමීව හදුන්වා දීම සිදු කරන අතර කෘෂිකාර්මික දැනුම බෙදාහදා ගැනීම, නිෂ්පාදනය නිසි පරිදි මිනුම්ගත කිරීමට උපකාර ලබා දීම, ආදායම් කාර්ය සාධනය විශ්ලේෂණය කිරීම සහ ව්‍යාපෘතියේ බලපෑම ඇගයීමට ලක් කිරීම ආදිය මානයන් එම යෙදවුම මගින් ඉටු කරගැනීමට අපේක්ෂා කෙරේ.
මෙම වසරේ පෙබරවාරි මාසය තුළ ද ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් නැවත තේරි පත්විය. ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ (23) පැවති අවස්ථාවේදීය.
Page 85 of 279