Thursday, March 28, 2024
Follow Us
ටෙලිකොම් ඩීල්එක ඩොලර් මිලියන 500 යි !

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියයට 49 දශම 5ක කොටස් ප්‍රමාණයක් විදේශ ආයෝජකයින් සදහා විකිණීමට සුදානම් වන්නේ ඩොලර් මිලියන 500ක මුදලකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ටෙලිකොම් වෘත්තීය සමිතියේ සභාපති හේමන්ත නෙත්තිකුමාර මහතා කියයි.

ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක් විදේශ ආයෝජකයින් සමග කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පසුගිදා පවත්වා ඇති බවද ඔහු කියා සිටී.

දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියයට 52 දශම 3ක කොටස් ප්‍රමාණයෙන් රජය සතුව ඍජුවම පවතින්නේ සියයට 49 දශම 5ක කොටස් ප්‍රමාණයක් බවත් ඉතිරි ප්‍රමාණය විවිධ සමාගම් සතුව පවතින බවත් සභාපතිවරයා සදහන් කළේය.

කෙසේ වෙතත් ‘රජයට ආදායම් ලබා දෙන ටෙලිකොම් ආයතනය විකිණීම වහා නවතනු’ මැයෙන් ටෙලිකොම් වෘත්තීය සමිති නියෝජිතයින් මේ දිනවලදී රටපුරා විරෝධතා පවත්වන බවද හෙතෙම කිවේය.

Mirror