Thursday, April 25, 2024
Follow Us
HR ලොක්කී එක්ක වසන්න බෑ කියා තවත් ශ්‍රීලංකන් පයිලට්ලා 40ක් ඉවතට

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය කරනු ලබන තවත් ගුවන් නියමුවන් 40කට ආසන්න පිරිසක් ළඟදීම එම ගුවන් සමාගම හැරයාමට තීන්දු කර ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ශ්‍රීලංකා මිරර් වෙත වාර්තා වේ.

මේවන විටත් එහි සේවය කළ ගුවන් නියමුවන් 30 දෙනෙකු වෙනත් ගුවන් සමාගම් සඳහා එකතු වී සිටී.

ගුවන් නියමුවන් වැඩිපිරිසක් එම ගුවන් සමාගම හැරයාමට හේතුවී ඇත්තේ එහි පිරිස් කළමනාකරණ අංශයේ ප්‍රධානී බුද්ධිකා මාන්නගේ නැමැත්තිය නිසාය.

ඇයගෙන් ගුවන් නියමුවන්ට විවිධාකාරයේ බාධා එල්ලවීම හේතුවෙන් මේ තත්ත්වය මතුව තිබේ.

ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු ගුවන් නියමුවන් ප්‍රමාණය වන 282ක ප්‍රමාණය ඉදිරි මාස කිහිපය තුළ දෙසීයේ සීමාවටත් වඩා අඩුවනු ඇතැයි වාර්තා වේ.

මේවන විටත් ගුවන් නියමුවන්ගේ හිඟය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් යානාවල ගුවන් ගමන්වාර අවලංගුවීමේ තත්ත්වයක් මතුව ඇති බවද පැවසේ.

එසේම, ශ්‍රීලංකන් ගුවන් ගමන්වාර ප්‍රමාණය අඩුවීම හේතුවෙන් එක් එක් ගුවන් තොටුපලවල්වල ශ්‍රීලංකන් ගුවන් යානාවෙනුවෙන් වෙන්කර ඇති ගුවන් යානා නැවැත්වීමේ ඉඩ පහසුකම් අහිමිවීමේ අවධානමක් මතුව ඇතැයි ද වාර්තා වේ.

Mirror