වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (06) හෝ චි මිං නගරයේදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර එහි ප්‍රධාන දේශනයද සිදු කරන බව ජනාධිපති මාධ්‍ය එකකය සඳහන් කරයි.
මෙරට වේලාවෙන් හෙට (06) පෙ.ව 7.40ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවය අමතා සිය ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතය.
“මානව ගරුත්වය සඳහා සහයෝගීතාව සහ ඉවසීම : ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය” යන තේමාව යටතේ හෙට ආරම්භ වන එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුම මැයි 08 වන දා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය යන බෞද්ධ රටවල ඉහළ පෙළේ නියෝජිතයන්ද ඇතුළුව රටවල් සහ ප්‍රදේශ 85ක් නියෝජනය කරමින් 2,800ක් පමණ පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.