මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) බීජිං හි චීන කොමියුනිස්ට් පක්ෂ කෞතුකාගාරය නැරඹීමට එක් විය. මෙම සංචාරය මඟින් කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික ගමන් මඟ සහ දශක ගණනාවක් පුරා චීනයේ සමාජීය හා ආර්ථික පරිවර්තනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් සැලසිණි.
කෞතුකාගරය නැරඹීමෙන් පසු, බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය හට එහිදී හුවාවේ ටෙක්නොලොජීස් නියෝජිතයින් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා යොදාගත හැකි ස්මාර්ට් පන්ති කාමර සංකල්පය ඉදිරිපත් කරන ලදී.
බීජිං හි සිය නිල කටයුතු අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියා ය.