බදුල්ල දිස්ත්රික්කයේ විහාරස්ථාන 100කට රුපියල් මිලියන 50ක මූල්ය ප්රතිපාදන
ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා දායකත්වය ලබාදීමේ අරමුණින් ඌව පළාත් සභාව මඟින් ක්රියාත්මක කිරීමට නියමිත “සසුනෝදය” වැඩසටහන යටතේ විහාරස්ථාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 100ක ප්රතිපාදන වෙන් කර තිබේ.
ඒ අනුව, බදුල්ල සහ මොනරාගල දිස්ත්රික්කවල තෝරාගත් විහාරස්ථානවල සංවර්ධන කටයුතු සඳහා මූල්ය ප්රතිපාදන ලබාදීමේ දිස්ත්රික් වැඩසටහන් සංවිධානය කර ඇත.
එහි බදුල්ල දිස්ත්රික් වැඩසටහන 2026 ඔක්තෝබර් 23 වන දින පස්වරු 2.00ට බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ඌව පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාගේ සහ වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්රික්කයේ තෝරාගත් විහාරස්ථාන 100ක් සඳහා රුපියල් මිලියන 50ක මූල්ය ප්රතිපාදන ලබාදීමට නියමිතය.
ඌව පළාතේ ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් දායකත්වය ලබාදීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වේ.