Tuesday, February 17, 2026
Follow Us
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4 සිට පස්වරු 6.00 දක්වා බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී එම උත්සවය පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.