Saturday, May 04, 2024
Follow Us
තරුණ - මහළු
ජිවිතයේ අපි හැමෝම අවධි තුනක් කාලයත් සමග පහු කරගෙන යනවා

 ඒ තමයි ,

බාල | තරුණ | මහළු
හැබැයි අවාසනාවකට මේ අවධි තුන අපි හැමෝටම පහු කරගෙන යන්න ලැබෙන්නේ නෑ.
එකට හේතුව තමයි මරණය
මරණයට වයසක් අදාල නෑ.
ඉපදුනු ගමන් මැරෙන මිනිස්සු ඉන්නවා
කාලයක් ගිහින් මැරෙන මිනිස්සු ඉන්නවා
ඒක තමයි ලෝක ස්වභාවය
ඔයාලා අහලා තියෙනවද ලස්සන කතාවක්.
අපි හැමෝම හැම මොහොතකම මිය යනවා ඒත් දවසක් එනවා අපිව මිහිදන් කරන.
එදාට අපි හම්බ කරපු මිල මුදල් , ගෙවල් දොරවල් , යාන වාහන කිසි දෙයක් අරං යන්න වෙන්නේ නෑ. ඒ නිසා ජිවත් වේලා ඉන්න කාලේ තමන් තමන්ව උපමා කරගෙන ලෝකයේ ජිවත් වෙන්න !
මොකද ඔයත් මමත් දවසක වයසට යනවා ලෙඩ වෙනවා , මැරෙනවා , එක ලෝක ස්වභාවය.
විද්යාවට බෑ වයසට යන වේගය අඩු කරන්න. හැබැයි විද්යාවට පුළුවන් වයස්ගත පෙනුම අඩු කරන්න.
අනාගතයේදී තරුණ මහළු පෙනුම දැන් තියෙනවටත් වඩා වෙනස් වෙයි ,
වයසත් පරතරයක් වෙනස් වෙයි
( වැඩි වෙයි )
හැඩ රුවත් වෙනස් වෙයි
මරණයත් වෙනස් වෙයි කියලා හිතමුකො හැබැයි ලෝකයේ තියෙන අටලෝව දහම මිනිස්සුට කැමති පරිදි තියෙන්නේ නෑ.
සමහර වේලාවට අපිට එන ප්රශ්න දිහා බැලුවාම මැරුණා නම් හොදයි කියලා අවස්ථා ඕන තරම් අපේ ජිවිතයේ ඇති.
මිනිස්සු කොච්චර ආගම් අදැහැව්වත් එවා වලින් අපේ ප්රශ්න විසදෙන්නේ නෑ.
පුළුවන් නම් ආගම් හදන්න එපා , ඒ ආගම් වල තියෙන දර්ශනයන් ඉගෙන්වීම් ජිවිතයට එකතු කර ගන්න.
අන්න එතකොට ප්රශ්න ආවාම අපිට මුහුණ දෙන්න පුළුවන් මානසික ශක්තිය හරි ලැබෙනවා
මම මේ කියන එවා උනත් ඒක පාර විශ්වාස කරන්නත් එපා අවිශ්වාස කරන්නත් එපා මුලින් ගවේෂණය කරලා ජිවිතයට කාලයක් හරි දේ එකතු කරලා බලන්න.
හිත පොඩ්ඩක්වත් හැදුනේ නැත්තං ඔයාලා මාව විවේචනය කරන්න. හැබැයි හරි දේ අමාරුවෙන් හරි ජිවිතයට එකතු කරගන්න.
මොකද මම කැමතියි මිනිස්සු ප්රශ්න ආවාම මැරෙන්න හදන්නේ නැතුව එකට ලස්සනට උත්තර හොයනවට.
අපි හිතමුකො විද්යාව දියුණු වෙලා
එකටත් විද්යාව තුලින් මොකක් හරි ගේමක් ගහලා මිනිස්සුට වේදනාව දැන්නේ නැතුව පුළුවන් ක්රමයක් හදුන්වා දුන්නොත් , ආයි පොඩි කාලයක් යද්දි ප්රශ්නයක් එයි මොකක්ද මේ ජිවිතේ කියලා.
අන්න එතකොට මිනිස්සු හිටපු ට්රැක් එකටම වැටෙයි.
ස්වභාව ධර්මයෙන් අපිට දෙන්නේ හොදම දේ ඒ නිසා ජිවත් වෙලා ඉන්න මේ ටික කාලේ වයසට යන එක , මැරෙන එක ලෙඩ වෙන එක දැනගෙන ජිවත් වෙන්න.
වැඩිහිටියන්ට ගරු කරන්න , සලකන්න. හැබැයි වැඩිහිටියන් කියන හැමදේම අහන්නේ එපා , මොකද මෝඩයොත් වයසට යනවා.
ඒ වගේ පුළුවන් තරම් සරල වෙන්න. එතකොට ජිවිත් වෙන්න හරි ලේසියි.
තරුණ කාලයේ බයික් එකක් හම්බ උනාම හිතන විදිය නෙවෙයි වයසට ගියාම හිතෙන්නේ.
තරුණ කාලයේ ජිවත් උනු විදිය නෙවෙයි වයසට ගියාම ජිවත් වෙන්නේ..
ඒ නිසා ,
හොද ආකල්ප ගුණ ධර්ම අතින් යහපත් මනුස්සයෙක් වෙන්න.
අපි හැමෝගෙම වැරදි තියෙනවා. මගේ උනත් එහෙමයි , කවුරුත් සර්ව සම්පූර්ණ නෑ ඒත් අපිට පුළුවන් වැරදි හදාගෙන හොද කෙනෙක් වෙන්න.
එකට වේලාවක් , දවසක් , අවුරුද්දක් තියාගන්න එපා මොකද ගෙවන හැම තප්පරටම අපි වයසට යනවා. මැරෙනවා
හැබැයි කෙනෙක්ට වයසට යන වේගය අඩුකරගන්න ඕනේ නම් එයාලට මේ දේවල් කරන්න පුළුවන්.
*පැය අටක් හොදට නිදා ගන්න.
*අවශ්ය ප්රමාණයට වතුර බොන්න
*එලවළු පලතුරු වැඩියෙන් කන්න
*දිනපතා වියායාම කරන්න
* භාවනා කරන්න
* සෞඛ්යාරක්ෂිත හොද Collagen එකක් ගන්න
*තරහා ගන්න එක සිමා කරන්න
*තරුණ කාලයේ ජිවත් උනු විදියට ජිවත් වෙන්න.
ඔයාලා දන්නවද? පෙර පාසල් ගුරු වයසට යන්නේ බොහොම හිමින් කියලා. ඒ පොඩ්ඩක් ඒ ක්රමය බලන්න.
අපි හැමෝටම තියෙන එකම පිහිට තමන්ට තමන්ගේ පිහිට විතරයි !
එ නිසා තමා තමාගේ අවබොධ කර ගන්න ගමන් ලෝකයට යහපත් හොද දේම දෙන්න !
හොද කෙනෙක් වෙන්න , ධර්මය ජිවිතයට එකතු කරගන්න. ලෝකයේ යථාර්ථය ගවේෂණය කරන්න , වයසට ගිහින් නාකි වෙනකන් ඉන්න එපා !
Ramidu