Saturday, May 04, 2024
Follow Us
සෙවනැලි නැති මිනිස්සූ
රිචඩ් ඩග්ලස් නුගතැන්න වැන්නෙක් සමග බැඳෙන ගැහැණිය ඉතා වාසනාවන්ත ගැහැණියක් විය යුතුය. ඔහුගේ පලමු බිරිය මොන තරම් වාසනාවන්ත එකියක වි හැකිය දැයි පබාට සිතා ගත නොහැක.
දැන් සැදෑසමයට අවතීර්ණ වී හිදින රිචඩ් ගේ ආදරය ,රැකවරණය කෙතරම්ද..ඊට අඩු නොවූ ආදරයක් රැකවරණයක් ඇය රිචඩ් ගෙන් අත්විදින්නට තරම් වාසනාවන්තියක විය. තරුපබා මාණවඩුට මේ වනවිට පනස්විය පැන ගොස් සිටියද ඇයටද එවැන්නක් විදින්නට හැකි වූයේ රිචඩ් වැන්නෙක් ඇයට මේ වයසේදී හෝ මුණ ගැහුණ හෙයිනි.
වැසිබර ආකාසයත්, රැහැයියන්ගේ නොනවතින රාවයත්, පොල් කරටි හුලඟට ඇඹරෙන හඬත්, විදිමින් පබා තම සයනයේ නිසොල්මනේ වැතිර නරඹන්නට විය රේඩියෝවෙන් ඇසෙන සිහින් සංගීත රාවය ඒ මොහතට මනා රසයක් ගෙන දෙන්නට විය. පබා වඩාම කැමති වසින්නට තැත් කරන පරිසරයේ ස්වභාවය රස විදින්නටය...ඇය ඒ නිසොල්මන්ව පරිසරය විදිමින් සිටිනාතරම නින්දට වැටුණි.
" පබා මිස්....පබා මිස්...නැගිටින්න...ඉක්මනට නැගිටින්න...:
පබා තිගැස්සී නැගිටින විට තමා දෙස විශ්මයෙන් බලා හිදින මෙහෙකාරියත් ඇගේ හදිසි කෑ ගැසීමත් පබාට ගැටලුවක් විය.
" ඇයි ඇගා...මොකද මේ ?"
" මිස් කලබල වෙන්න එපා...ලොරේන් මැඩම් කිව්වා මිස්ට ඉක්මනින්ම ඇද ගෙන පහලට එන්න කියලා..."
" ඒ මොකටද ? දැන් ගොඩාක්ම හවස් වෙලා නෙ. මැඩම් රෑ වෙලා කොහේවත් යන්නෙ නෑනෙ.."
" ඔව්..ඒ වුණාට රිචඩ් මහත්තයා හදිසියේ අසනීප වෙලා. හොස්පිට්ල් එකේලු දැන් ඉන්නෙ...:
පබා විමතියෙන් හනිකට ඇදෙන් බසින්නට විය. ඇය ඇදිවත පිටින්ම ලොරේන් මහත්මියගේ පහල මාලයේ ඇති නිදන කාමරය වෙත දිව යන්නට විය. ඒ වන විටත් ලොරේන් මහත්මිය සුදානම් වී පබා එනතුරු බලා හිඳින්නට විය.
" ඇයි මැඩම් රිචඩ්ට මොකද. .?'
" නෑ නෑ ද,ඔයා කලබල වෙන්න එපා. එයාට හදිස්සියේම පොඩි හාට් ප්රොබ්ලම් එකක් ඇවිත්. මං ඩොක්ටර්ට කෝල් කරා .මයිනර් ඇටෑක් එකක් කිව්වා...අපි යමු හොස්පිට්ල් එකට. ඔයා ඉක්මනට ඇදුමක් දා ගෙන එන්න.."
" ඕ කේ මැඩම්.."
ඔවුන් රෝහලට යන විටත් රිචඩ් සැත්කමට රැගෙන තිබුණි .පබාගේ හර්ද ස්පන්දනය වේගවත් විය . ඇය රෝහලේ හෙදියන් හා වෛද්යවරුන්ගෙන් නොනවත්වාම ඔහුගේ රෝගී තත්වය පිළිබඳව විමසන්නට විය. ඒ සියල්ලගේම කථාව වූයේ එය එතරම් බරපතල නොවන එකක් බවය.කෙසේ වෙතත් ලොරේන් හා පබා සමග සුනිල් ද කාඩියැක් තියටර් එක සමීපයේ ඇති ආසන මත හිද සිටියෙ ගැහෙන සිත් වලිනි.
අනේ රිචඩ්ට කිසි නරක දෙයක් සිද්ධ වෙන්න එපා. මගේ ජීවිතේ මේ අපායෙන් සදහටම උස්සලා ගොඩින් තිබ්බෙ ලොරේන් මැඩම් වගේම රිචඩ්. රිචඩ් මං නොලබපු ආදරයක් රැකවරණයක් මට දුන්නු එකම මිනිහා.. අනේ දෙවියනේ රිචඩ්ගේ ජීවිතය බේරා දෙන්න ඇය මුමුණන්නට විය. ලොරෙන් මහත්මිය පසෙකට වී යාඥා කරන්නට විය.
පැය කීපයක් එලෙස සිටියා දැයි ඔවුනට නිච්චියක් නැත. සුනිල් විසින් ගෙන ආ නෙස්කෝපි කෝප්පය දෙදෙනා පානය කලේ කැමැත්තෙන් නෙවේ.වේලාව රාත්රී 12 ද පසුවී ඇත. රිචඩ් පිලිබදව තොරතුරක් තවම ලැබුනේ නැත.
" මිස්ලා දැන් යන්න..සර්ජරි එක ඉවරයි. අපි එයාව දැන් දානවා කොරනරි ක්යාර් යුනිට් එකට ....හෙට වෙලාවක් දෙන්නම් ..බලන්න .."
තද නිල් පැහැති නිල ඇඳුමක් ඇද සිටි වෝඩ්න් සැල කරන්නට විය
" ප්ලීස් මිස් අපට එයාව පොඩ්ඩක් බලන්න පුලුවන් ද ? "
ලොරේන් හා පබා ඇවිටිලි කරන්නට විය.
" ඔන්න දැන් පේෂන්ට් එලියට ගේනවා.. කථා කරන්න සන්න එපා.. එයාට සිහිය තියනවා.. ඒත් මහන්සි කරන්න එපා.."
සුදු රෙදි සේලයින් බෝතල් වට කර ගෙන රිචඩ් නිදා සිටි ට්රෝලිය පැමිණෙන්නට විය. හෙදියන් කීප දෙනෙකුත් වෛද්යවරයාත් ඒ අතර විය.පබා හා ලොරේන් වෛද්යවරයා ගෙන් රිචඩ් ගැන විමසන්නට විය.
" ඩෝන්ට් වොරි..එක වෑල්ව් එකක් බ්ලොක් වෙලා තිබුණා. අපි ඒකට ස්ටෙන්ට් එකක් දැම්මා.. අපි දවසක් වගේ ඉන්ටෙන්සිව් ක්යාර් යුනිට් එකේ දාලා පහුවදා රූම් එකට දානවා.."
පබා රිචඩ්ගේ දැත අල්ලන්නට විය. රිචඩ් සිය දෑතින් පබාගේ දෑත තරයේ අල්ලා ගන්නට විය.
" රිචඩ් ආ යූ ඕ කේ ?"
" යස් ලොරේන් අයැම් ඕකේ. ඩෝන්ට් වොරි.. පබා ඔයාලා දැන් ගෙදර යන්න. හොදට නිදා ගන්න.. ඕකේ ඩාලිං...මෙයාල ඉන්නවානේ..."
එසේ කියමින් ඔහු රැගත් ට්රොලිය ඔවුන්ගෙන් ඈතට තල්ලු කර යන්නට විය ඉතා වේදනාවෙන් ඔහුට සමු දුන් පබා ලොරේන් සහ සුනිල් නවතා තිබු මෝටර්රථය වෙත පැමිණෙන්නට විය..
 
Chulani Rathnayake