Saturday, May 04, 2024
Follow Us
අහිමි වූ ඔබේ ආදරේ
"දේව් උබට මේකට යන්නම ඕනිද කෙල්ලහ්.ප්ලීස් මං කියනවට නොයා ඉදපම් මැණික උබ හදාගෙන ඉන්න හිත ආයේ ආයේ පාර ගන්න හදන්නේ ඔය"

 "මං දන්නවා අකි ඒත් මට යන්නම ඕනේ මට ආසයි එයාව බලන්න. පයින්නේ ගිණි ගොඩකට කියලා දැන දැනත් මට ඕනො ඒ ගිණි ගොඩටම පැනලා පිච්චිලා අලු වෙලා යන්න අකී.ඒ නිසා මන් මේ ගමන යනවා.මාව නවත්තන්න එපා බන්."

ඇස් වලින් එලියට පනින්න දගලන කදුලු කැට ඇස් මතම රදෝගෙන දේව් අකීට එහෙම කියාගෙනම දුවලා ගියේ නානකාමරේට කෙල්ල දන්නවා ඇස් වල හිරකරගෙන ඉන්න කදුලු තව ටිකකිම් වේල්ලක් වගේ පිටාර ගලන බව
මේ දිහා බලාගෙන අකී සුසුම් හෙලුවේ තන්ට කරන්න දෙයක් ඉතුරු වෙලා නැති නිසා
මම දෙව්නි සහස්නා රණබාහු.රණබාහු ගෲප් ඔෆ් කම්පැණි එකේ ඕනර් අකීත් රණබාහුගෙ එකම නංගි වගේම මගේ අයියගේ පණ .ඇක්සිඩන්ට් එකකිම් අම්මයි අප්පච්චි නැති උනාට පස්සේ මාව බලාගත්තේ මගේ අයියා මගේ ලෝකෙම උනේ එයා.ඒත් නොහිතපු මොහොතක මගේ ජීවිතේට ආපු කෙනෙක් නිසා ඉස්සර හිනාවෙන් සැහැල්ලුවෙන් ගෙවපු කෙලිදොල් ජීවිතේ දැන් දැන් කදුලු එක්කම ගෙවන්න වෙලා. සතුට විතරක්ම දැකපු මං,විදපු ජීවිතේ අද විදවන්න වෙලා ඒ මගේ ආදරේ නිසා. මගේ ආදරේ විහංස නෙත්මිණ මාන්නප්පෙරුම.
ජීවිතේ අපි කවුරුත් ආසම දවසක් තමන් ආදරේ කරන කෙනාගේ අතින් අල්ලගෙන පෝරුවකට නැගලා නීතියෙන් එයාව මගේ කරගන්න එක .ඔව් මටත් තිබුණා ලස්සන හීම ගොඩක් එයා එක්ක හැබෑ කරගන්න.ඒත් ඒ මන් දැකපු හීන අද මන් නැතත් එයා හරි අපූරුවට වෙන කෙනෙක් එක්ක හැබෑ කරගන්නවා.එච්චර ආදරේ කරපු මට එහෙම කරේ කොහොමද අහන්න හිතුනත් එයාගේ සතුට මගේ සතුට උන නිසා පාඩුවේ පැත්තකට උනේ තාමත් ඒ හිතට ආදරේ කරන නිසා.
"දේව් ......දේව්.... යකෝ උබ එන්නේ නැද්ද බන් දැන් 10 ටත් ලගයි පෝරුවේ වැඩ පටන් ගන්නේ 11 ට කිව්වා නේද උබ.ඒක බලන්න යන්න ඕනි නම් වරෙන් යකෝ එලියට ඕක ඇතුල පැලවෙන් නැතුව."
කල්පනා ලෝකේ තනි වෙලා උන්න මං පියවි සිහියට ආවේ අකිගේ සද්ද පූජාවට
"ආ ඉදාම් මේ එනවා."
බාත් රොබ් එකක් ඇදගෙන තෙත කොන්ඩේ අතින් ගස ගස කාමරේට ආවේ යන්න පරක්කු වෙයි කියන බයට.
ඇදගෙන යන්න ලෑස්ති කරලා තිබුණ ,
සිල්වර් පාටින් බෝඩරේ වැටුණු කලු සාරිය ඇදලා,විහස්න දවසක් අරන් දුන්න සිල්වර් පාට ලස්සන ලොකු තෝඩු දෙක දාලා වල්ලු ටිකත් අතට දාලා, නලලෙන් තිලකේ තියලා කොන්ඩේ ගෙඩිය ගහලා මල් වැලක් ඔතලා චාම් මේකක් එකක් දැම්මේ මං අදින්න ආස ටැමිල් විදිහට නිසා. ලෑස්තී වෙලා කාමරෙන් එලියට එනවත් එක්කම
"අනේ අම්මෝ බන් උබේ ලස්සන හරියට හින්දි නිලියක් වගේ ඇස් වහක් නම් වදින්න එපා බන් මගේ කෙල්ලට."
"අනේ පිස්සි කෝමත් මන් ලස්සනයි තමා හුම් " මොන දුකක උන්නත් ඒක පිටට පෙන්නන්න බැරි නිසා හිනා වෙලා චූටි විහිලුවක් කරන ගමන් අකිගේ කම්මුල් දෙල මිරිකුවේ ඒකි මට හැටට හැටේ රවද්දී.
"අම්මේ මේ සුදූ නෝනා ඔය රැවිල්ල දැන් නවත්තලා ගෙදර දොර වහලා පරිස්සමට ඉන්න.අද හවස අයියා එයි සමහර විට පුලුවන්නම් ගෙදර පොඩ්ඩක් අස් කරලා තියපන් ඈ"අකීටත් එහෙම කියාගෙනම මන් ගෙයින් එලියට බැස්සේ කතා කරලා තිබුණ කැබ් එක ඇවිත් හෝන් ගහන සද්දේ ඇහුණ නිසා.
කැබ් එකට නැගලත් කල්පනා කර කර උන්න මන් පියවි සිහියට ආවේ හොටෙල් එකට ඇවිත් කැබ් එක නවත්තපු නිසා.
බැහැලා හෝල් එකට ඇතුල් වෙන දොර ලගදි මුලු හිතම වෙව්ලන්න ගත්තත් හිත හයිය කරගෙන ඇතුලට ගියේ හිනා වෙලා ඉන්න ඕනි දවසක අඩන්න බැරි කමට.
විහස්න දිහත් බලාගෙනම ඒ දෙන්නව පේන අඩ අදුරු තැනක ටේබල් එකකට ඇවිත් වාඩි උනේ හිත දෙකට තුනට කැඩිලා යද්දි.
එදා මගේ විහස්න උන ඔයා අද වෙන කෙනෙක්ගේ නිත්යානුකූල ස්වාමිපුරුෂයා වෙල,මගේ කරගන්න හීන දැක්කට හැබෑ කරගන්න බැරි උන ඒ හීනේ අද හරි ලස්සනට ඔයා හැබෑ කරගෙන මැණික.
අඩ අදුරේ උනත් දැක්කේ මනමාලිගේ අත හයියෙන් අල්ලගෙන එක අතකින් ලාවට පිරිමදින ගමන් හිනා වෙවී කියවන උබේ ඇස් දෙක
ඒ දිහාම බලාගෙන.ඉද්දි මාව ඇදිලා ගියේ මීට මාස ගානකට උඩ මන් ජීවත් වෙන්න ආසම ඒ අතිතෙට....
"මං ඔයාව මුලින්ම.දැක්කේ අයියගේ ඔෆිස් එකේ මීටින් එකකදි....කලු කලිසමට සුදු කමිසේ යටකරලා ඒකට උඩින් කලූ කෝට් එකක් දාලා උන්න ඔයාගෙන් දැක්කේ අමුතුම ලස්සනක් ඒ ලස්සනට වශී උනා කීවොත් හරි, එදා දැකපු පලවෙනි මොහොතේ දැනුන හැගීම ටිකකාලයක් යද්දි ආදරේකට පෙරලුණා.මන් නොදැන උන්නට එතකොට ඔයත් මට මහ හුගාරියක් ආදරේ කරන්න අරන් මගේ මහත්තයෝ
දවසක්,අකී එක්ක කොහේ හරි යන්න ලෑස්ති වෙලා පාරට වෙලා ඉද්දි මං ලගට ඇවිත් ඔයා ටිකක් කතා කරන්න ඕනි කියද්දි හිත ගැහෙන්න ගත්තත් ඒ වෙද්දිත් මන් ඔයාට ආදරේ නිසා ඔයා එක්ක කතා කරන්න කැමති උනා.ඒ ලගම තිබුණ පොඩි කොපි ශොප් එකේ මං ලගම වාඩිවෙලා උබ කිව්වේ මට ආදරෙයි කියලා වෙන කොල්ලෝ වගේ ලස්සන වචන උබ ලග තිබුනේ නෑ සුදූ.
ඒත් ඒ උබේ විදිහට මන් හුගක් ආසයි.ඔය විදිහට එදා පටන් ගත්තු අපේ ආදරේ අවුරුදු හතක් පුරාවට හරි ලස්සනට ගලාගෙන ගියත් මීට මාස හය හතකට කලින් ඒ ආදරේට කන කොකා හැඩෙව්වා ඒ උබේ ජීවිතේට මන් හැර තව අයිතිකාරයක් ආවා කියලා දැනගත්තු දවසේ අඩන්න පුලුවන් උපරිම ඇඩුවත් අනේ දාලා යන්න එපා කියලා වැද වැටුනත් උබ මගේ ආදරේට පයින් ගහලා කල්පනීව නැත්තම් උබේ දැන් වයිෆ් ලගට ගියේ මං කියලා කෙනෙක් උබේ ජීවිතේ නොවුන්නු ගානට,
එදා අයියා නංගි උබට මෙන්න යාලුවෙක්ගේ වෙඩින් කාඩ් එකක් කොල්ලෙක් දීලා ගියා කිව්වම උබව මගේ හිතට ආවත් ඒත් එහෙම කරන් නැති වෙයි කියලා හිතලා ගත්තූ කාඩ් එක මටත් නොදැනිම අත් දෙකෙන් ගිලිහුනේ ඇස් වලින් කදුලු වැක්කෙරෙද්දි,වෙන්න එපා කියලා හිතපු දේම වෙලා තියෙද්දි කොහොමද මහත්තයෝ මං දරාගන්නේ ඒත් මන් දරාගත්තා උබේ වෙඩින් එකට ඇවිත් ඒක දිහා බලන් ඉන්න තරහ් හිත හයිය කෙල්ලෙක් වුණා.
තාමත් හිතා ගන්න බෑ කොහොමද එහෙම වෙනස් උනේ කියලවත්
ඒත් අද මන් විදවද්දි උබ හරි ලස්සනට හිනා වෙනවා.කිසි තරහක් හිතේ නෑ එදා ඉදලම මට ඕනි උබේ සතුට ඉතිම් අද ඒ සතුට දැකලා ඒ සතුටට ඉරිසියා කරන්න තරම් මන් පහත් නෑ මහත්තයෝ.
උබ ගැන හිත හිත කල්පනා ලෝකේ තනි වෙලා ඉද්දි ලගින් ඇහුන උගුර පාදන සද්දෙට හැරිලා බලද්දි දැක්කේ උබයි උබේ අලුත් මනාලියි හිනා වෙවී මන් දිහා බලන් ඉන්න විදිහ.
"ඉතිම් කොහොමද දෙව්නි"
ඉස්සර උබට සුදු නෝනා වුණ මාව එකපාරම දෙව්නි උනා.කට කොණකට නැගිච්ච හිනාව එක්කම,
"මං හොදින් විහස්න.කන්ග්රැජුලේෂන් දෙන්නටම " විහස්නටයි දැන් එයාගේ වයිෆ්ටයි අතට අත දීලා සුභ පැතුවේ කකුල් දෙක පණ නැති වීගෙන යද්දි.
මං එක්ක කතා කරපු ඔය දෙන්නා ඇවිත් උන්න අනික් අයට කතා කරන්න ගියේ මන් ඒ යන දිහාහිස් හැගීමකින් බලාන ඉද්දි.
මගේ ජීවිතේ අහිමි උන ආදරේ උබට ලැබුණා.ඒ ආදරේ දිහා බලාගෙනම හිතින් දෙන්නට ආශිර්වාද කරලා හෝල් එකෙන් එලියට ආවේ දරාගැනීමේ සීමා මායිම් බිදෙද්දි.
නිමි .