Monday, April 29, 2024
Follow Us
සතුටින් ඉන්න ...

බබා නැගිට්න්නකො ඉතිං ....බලන්න අද ඔයාට ඔපිස් යන්න වෙන්නෙත්
නෑ ඕන්..

.
හැබැයි මට පස්සේ කියන්න එපා
ඇහැරෙව්වේ නෑ කියලා හාද?
හා හා ඇති ඇති අනේ ..
මන් නැගිට්න්නම්.....
කියලා කොල්ලා නැගිටලා බාත් රෑම් එකට රින්ග ගත්තා..
සත්තලන් මේ......
හෝව් හෝව් කතාාා කරන්ඩ එපා.
සල්ලි නම් නෑ හාද?
අනේ මහ හෙන නරකයි අයියා ..
මං ඔයාට දැන් කතා කරේ සල්ලි ඉල්ලගන්නද?
කියන්නකෝ??
නෑ ඉතිං අවදානමට පෙර සූදානම හොදයිනේ
හා හා දැන් කියන්නකො මගෙ උම්මා කැටේ මොකද්ද කියන්න ගියෙ කියලා
දැන් ඔනෙ නෑ..මං තමුසෙ එක්ක තරහම තරහයි.
මං ආයෙ කතා කරන්නෙත් නෑ
ආ ඔයාට පුලුවන් ද? මැනික මාත් එක්ක කතා කරන් නැතුව ඉන්න..
කොල්ලා කෙල්ලගෙ බඩ මැද්දෙන් අතක් යවලා කෙල්ලගෙ කරේ ඔලුව තියා ගත්තා...
කොච්චර උනත් කොල්ලා කෙල්ලට පන ඇරලා ..
කෙල්ලත් ඉතිං එහෙම තමයි..
හ්ම් හ්ම් දැන් ඉතිං ලැහැස්ති වෙන්න ඔපිස් යන්න...දැන් මදෑ ඔය බටර් ගෑවා..බොරැවට
මට නම් මදි වගේ මැනික ...
හා හා මටත් පරක්කු වෙනවා ...අනේ
ඔයත් ඉක්මන් කරන්න නැගිට්ටෙත් පරක්කු වෙලා...
මම හිරුනි වත්සලා
එතකොට මගෙ පන කැටේ සුපුන් තාරංග
අපි දෙන්න ඉස්සොරෝම හම්බ උනේ A/L clz එකේදි...
දැක්ක පලවෙනි දවසෙම කොල්ලාට මන් ගැන හිත වැටිලා ...
පස්සෙ එයා ඇවිත් මගේ කැමැත්තත් ගත්තා
කොහොම හරි මේ සම්බන්දේ නතර උනේ
ඒයා මාව මනාලියක් කරගත්තට පස්සෙ...
පවුල් දෙකේම කැමැත්ත මැද්දේ විවාහ වෙච්ච අපි දෙන්නට කාගෙන්වත් කිසිම ප්‍රශ්නයක් තිබුනෙත් නෑ...
ඒ හින්දා දවසෙන් දවස අපේ බැදිමත් ගොඩක් ශක්තිමත් එකක් උනා...
අලෝ බබා,
ඔයාට මන් කී පාරක් නම් call කරද? ඇයි අනේ ඔයා phone එක answer කරන් නැත්තෙ...
ඔයාට මොකක්වත් කරදරයක්වත්ද?
කරදරයක් ද? බැල්ලි තෝ ඇයි මන් ගැන හොයන්නෙ තො තොගෙ වැඩක් කරගනින්...
අයියේ ඔයා ....ඇයි අයියේ ඔයා ඔහොම කතා කරන්නෙ කවදාවත් නැතිව ..
ඔයාට මොක්ද උනෙ රත්තරං ...
හිරුනි ට මේ උන දේ හීනයක් වගේ මීට කලින් කවදාවත් සුපුන් ඔය විදිහට හිරුනි ට කතා කරලා නෑ....
එදා රෑ සුපුන් ගෙදර ආවේ මහ රෑ වෙලා...
ඒ ආවෙත් හොදට ම බීගෙන ...
අයියේ ඇයි අයියේ මේ ඔයා බීගෙන මෙහෙම
ඔයාට මොක්ද දෙයියනේ මේ උනේ..
තො පලයන් අහකට තෝ එන්න එපා මන් ලගට
පලයන් ඉතිං අහකට ....
හිරුනි හොදට ම අඩනවා ....
හිතා ගන්න බෑ මේ මොකක් වෙලාද කියලා..
හිරුනිගෙ හිතට ලොකු දුකක් වගේම ලොකු බයකුත් දැනිලා තිබිබෙ මේ දේවල් හින්දා
කොල්ලා උදේ නැගිට්න කොට කෙල්ල කුස්සියේ පුටුවක් උඩට වෙලා කල්පනා කරනවා හරියට මුලු ලෝකෙම නැති වෙලා වගේ....
තෝ මොකද ඔය කරන්නෙ බැල්ලි ..
අද දවසම ඉවරයි මගේ
ඉදකින් මාත් බැදගත්තානේ මේ වගේ මුස්පෙන්තු ගෑනියක් මොන්වා කරන්ඩද? මගේ කරුමේ ..
අනේ ඇයි අයියේ මේ
ඔයාට මේ එක පාරටම මොකද උනේ මැනික ....
කෙල්ල කොල්ලගෙ කකුල්දෙක පාමුල වැටිලා ඉකි ගගහා අඩනවා..
නැගිටපිය මට තොගෙ අදේානා අහ අහ ඉන්න වෙලාවක් නෑ අහකට පලයං..
කියලා කොල්ලා
බාත් රෑම් එකට ගියා..
එදා ඉදන් තරැෂියිගෙයි සුපුන්ගෙ ආදරේට කන කොකා හඩන්ඩ පටන් ගත්තා..
කෙල්ලටත් හැමදාම බැනුම් විතරයි..එත් මේ හැමදේම ඉවසගෙන කෙල්ල ...කෙල්ලගෙන් වෙන්න ඕන හැම යුතුකමක් ම අඩුපාඩු නැතුව අකුරම ඉෂ්ට කරා...
කොල්ලා හැමදාම බීගෙන ඇවිත් රටේම තියෙන කුනු කතා කිය කිය කෙල්ලට බයිනවා..
ඒත් කෙල්ල වචනයක්වත් කියන්නෙ නෑ ඒ හැමදේම ඉවසගෙන ඉන්නවා...
දවසක් වෙන කෙල්ලෙක් එක්ක ගෙදරට ආපු සුපුන් හිරුනි බලාන ඉද්දිම ඒකෙල්ලත් අඩගහගෙන ගිහින් කාමරේ දොර වහගත්තා...
හිරුනි ඒ දොර ලගට ගිහින් කොච්චර හයියෙන් කෑ ගගහා ගැහුවත් ඒ දොර ඇරුනෙ නෑ...හිරුනිට තමන්ගෙ ආත්මයත් එපා උනා..
මං කොච්චර නම් විශ්වාස කරාද රත්තරං ඔයාව...ඇයි දෙයියනේ මට මෙහෙම කරන්නෙ
මං මොකද්ද උබට කරපු වරද ?
කෙල්ල ට මොන දේ ඉවසුවත් මේ දේ නම් ඉවසන්න පුලුවන් උනේ නෑ...
ඒ හින්දා කෙල්ල පහුවදා ම ඒ ගේ දාලා කෙල්ලගෙ ගෙදර යන්න පිටත් වුනා...
ඒත් කොල්ලා එක call එකක් වත් ගත්තෙ නෑ..
කෙල්ල ගියත් හරි..
කෙල්ල කොච්චර call ගත්තත් ඒවා ඉස්සුවෙත් නෑ...
කෙල්ල කොච්චර නම් හීන මැව්වද ? ඒත් ඒ හැමදේම හීනයක් ම විතරයි ...
පස්සෙ කෙල්ල කොල්ලගෙන් ඩිවෝස් වෙන්න තීරනය කරේ තවත් විදවන්න බැරිම තැන...
ඩිවෝස් එකෙක් අවුරුද්ද කට පස්සෙ කෙල්ලට
වෙන කොල්ලෙග්ගෙන් යෝජනාවක් ආවා විවාහ වෙන්න..
ඒ කොල්ලත් කෙල්ලට පිස්සු වැටිලා හිටියේ
පස්සෙ කෙල්ලත් අම්මලාගෙ බල කිරීමටම එකට කැමති උනා...
කොල්ලත් කෙල්ලට ගොඩාක් ආදරෙයි...
කෙල්ලට කිසිම අඩුවක් වෙන්න තිබ්බෙ නෑ...
වෙලාවකට හිතෙනවා සුපුන් මගෙන් ඩ්වෝස් උනේ මගේ වාසනාවකටද කියලා.
අර කතාවකුත් තියෙනවානේ හොදම දේ ලැබෙන්නේ ටිකක් පරක්කු වෙලා කියලා..
දැන් නම් එයා එනවත් ඇති වැඩ ඇරිලා..
ආ ඔය කියන්කොටම වාහනේ සද්දේ ඇහෙන්නෙ...
දෝනි....ඔයා කොහෙද ...වස්තු මගේ...
ඔන්න ඉතිං පටන් ගත්තා ..
ආ දැන් කියන්නකො බලන්න මගෙ මහත්තයා මට මොනවාද ගෙනවෙ කියලා..
ඔයාට ගෙනාවෙ නේ...
බලන්නකො මගෙ බෑග් එකේ මොනවාද තියෙන්නෙ කියලා..
රත්තලන් ඔයා ඇයි දෙයියනේ මට මෙච්චර ම ආදරේ ..
මට වෙලාවාක්ට හිතෙනවා මන් වගේ පව්කාර ගැනියෙක් ඔයාට ගැලපෙන් නෑ කියලා ...
මට සමාවෙන්න රත්තරං මට පිරිසිදුව ඔයා ගාවට එන්න බැරි උනාට..
මොනාද අනේ මේ කියන්නෙ ඔයා ..
ඔයා තමයි මේ ලෝකෙ මට මවලා තියෙන්න එකම කෙනා..
අනික ඔය පුංච් ලේ පැල්ලමක් මත ආදරය තීරනය කරන්න තරම් පහත් පිරිමියෙක් නෙමෙයි මම...තේරුනාද?
අනේ දැන් ඉතිං ඔයා මට රසම රස තේ එකක් හදලා දෙන්නෙ නැද්ද ආ...කියන්නකො වස්තු ..
කෙල්ලගෙ ඇස් අග කදුලු ..
ඔහු නම් සැබෑම පිරිමියෙක් ...
එක දවසක්
ට්ලිං...ට්ලිං ...ට්ලිං
පියුම් මහත්තයා ගේ ඉස්සර හ...
අද නම් ඔන්න නෝනට වගේ ලියුම...
අනේ කවුද යකෝ මට ලිවුම් එවන්න ඉන්න එකා ...අනික මේ මෙච්චර phone තියෙන රටේ
බලමුකො කියලා කෙල්ල ලියුම කැඩුවා..
Please විසිකරන්න කලින් එක පාරක් කියවන්න ...මම සුපුන්..
මට ඒක දැක්ක වෙලාවේ මාර කේන්තියක් ආවේ මගේ ජීවිතේ විනාශ කරලා තව ලියුමුත් එවන්න
ඒත් හිත කියන්නෙම කියවපන් කියලා කමක් නෑ කිය්වලා බලමුකො...
මා ආදරණීය හිරුනි නංගී වෙත..
මට සමාවෙන්න නංගී මන් කල හැමදේටම ..
මට කනගාටුයි සිද්ද වුනු හැම දේටම..
මතකද එදා උබ අර මම අර phone එකෙන් බැන්න දවස..
එදා උදේ මාව ඔපිස් එකේ සිහියනැතිව ඇදගෙන වැටිලා.. පස්සෙ මාව ඔපිස් එකේ කට්ටිය හොස්පිටල් එකට එක්කගෙන ගිහින්.....
මට සිහිය ආවේ ඊට ටික වෙලාවකට පස්සෙ ..
මගේ යාලුවා දසුන් මන් ගාව්න් ඇවිත් මට මෙහෙම කිව්වා ..
මචං මං මේ කියන්න යනදෙයින් උබ කලබල වෙන්න එපා..
ඩොක්ටස්ලා කියනවා උබේ හදවතේ සිදුරු ලු
ඒවගේම උබගේ ජීවිතේ ඕනම වෙලාවක.....
මොනවා කරන්නද බං ජීවිතේ හැටි ඔහොම තමයි ..
උබ බය නැතුව හිටහන් උබට මොකුත් වෙන්නෙ නෑ....බං
ඉතිං මන් ඒ කතාව ඇහුවහම ගොඩක් දුක් වුනා ..ඒ මන් ගැන නෙවෙයි ඔයා ගැන මොක්ද මම මැරුනම ඔයානේ මන් නිසා කනවැන්දුම් වෙන්නෙ..
අනික ඔයත් මට ගොඩක් ආදරය කරානේ
ඉතිං මන් කොහොමද එක පාරටම එච්චර දුකක් දීලා ඔයාව මේ ලෝකේ තනිකරන්නෙ
ඒ හින්දා මන් තීරණයක් ගත්තා ඔයාව මගෙන් පොඩ්ඩ පොඩ්ඩ ඈත් කරන්න..
මං අකමැත්තෙන් උනත් ඒ තීරනේ ගත්තේ කවදා හරි ඒ නිසා ඔයාට දුකක් නැතිවෙයි කිය්ලා හිතලා..
උබ නැති උනාට මන් උබට කියපු හැම වචනයක්ම මාව නොමරා මැරුව බන් .මන් කොච්චර නම් බාත් රූම් එකේ හොරෙන් ඇඩුවද ?
මම මටම වයිර කලා බන්
අන්තිමේ මට ඔන දේ සිද්ද උනා..
උබ වෙන එකෙක් කසාද බදිනවා කිව්වහම මට මුලු ලෝකෙම එපා උනා බන්..
ඒත් මන් හිත හදාගත්තා මොකද උබ මේ ලෝකෙ දැන් තනිවෙන්නෙ නෑ නේ..

මට විශ්වාසයි ඌ මටත් වඩා හොදට උබව බලාගනියි..
උබ බැදපු දවසෙත් මන් හොරෙන් ඇවිත් උබව බලලා ගියා බන්..
උබ එදා ගොඩාක් ලස්සනයි බන්...
හරියට අපේ වෙඩින් එකේ වගේම ඊටත් වඩා
මම මේ ලියුම මගේ යාලුවා ආකාශ්ට දුන්නේ මම මැරුනහම උබට ලැබෙන්න සලස්වන්න කියලා....
ඒ උබට රිද්දන්න නෙවේ රත්තරං ..
මොක්ද නැත්තන් උබට මාව තාමත් වැරදි කාරයෙක් ම වේවි
ඉතිං උබ මේ ලියුම කියවනකොට මන් මේ ලොකෙ නැති වෙයි ...
මගේ සේරම දේපල උබගෙ නමට මම ලියලා ඇති පුලුවන් නම් මගේ අම්මාව ව විතරක් බලා ගනින්
සතුටෙන් ඉන්න මාව මතක් කරන්න එපා..
මට ඕනෙ නෑ වැරදි කාරයෙක් විදිහට මැරෙන්න....
දැන් මන් ගොඩක් සතුටින්....
හැමදේටම සමාවෙන්න ........
බුදු සරනයි....
කෙල්ලගෙ ඇස් වල කදුලු කැට කම්මුල් පෙති අතරින් ගලා හැලුනේ හරියට ගගක් වගේ....
මෙච්චර කැප කිරීමක් ...
මං වෙනුවෙන්...
තමන් ආදරය කරපු එකීව වෙන එකෙකුට දෙන්න පුලුවන් ද බන් ඔහොම උබට
කෙල්ල කොල්ලගෙ අවසන් කටයුතු වලටත් පුලුවන් හැටියට සහභාගි උනා.....
හැබැයි තනියම නෙවේ අලුත් පෙම්වතත් එක්ක...
..........................නිමි................................

-H.M.සමිත ලක්ෂාන්