Monday, April 29, 2024
Follow Us
මගේ ආදරේ
හමූදාවේ කිව්වම ගොඩක් අය අපේ යාලුවෙක් වෙන්නවත් කැමති නෑ හමුදාවේ කිව්වම හොරෙන්ම බ්ලොක් වෙලා යන අයට පෙන්නත් එක්ක පුළුවන් සේයාර් කරන්න හැමෝම මගේ කතාව කතාව බලලා කාගෙන්වත් අනුකම්පාවක්නම් ඔනී නෑ හමුදාවේ හැමෝම ජරා නෑ කියලා පෙන්නනයි දැම්මේ...
 
ගමක හැදුන මන් ගොඩක් දුප්පත් පවුලක දුප්පත් කොල්ලෙක් මම හැදුනේ මැටි ගහපු පිදුරු වහලක් තිබ්බ ගෙදරක ඔහොම කාලයක් ගියා මම ඉගෙන ගත්තේ ගමේ ඉස්කොලේ හවසට ගමේ තිබ්බ ඔයක වැලි දැම්මා මගේ වියදම හොයා ගන්න
ඔහොම ගෙවිච්ච මගේ ජිවිතේ වෙනස් උනේ මමවත් නොහිතපු විදිහට ඉතින් මම 11 වසරේ ඉද්දි අපේ ඉස්කොලේ ගියා ට්රිප් එකක් අපි ගියේ කතරගම කිරි වෙහෙර වදින්න පලවෙනි දවසේ කිරි වෙහෙර එහෙම වැදලා එනගමන් මහියංගණය පෙරහැර බලන්න තමයි ආවේ ගොඩක් ආසවෙන්
ඉස්කොලේ හිටපු ලොකුම සෙට් එක තමයි අපි සෙට් එකේ හිටිය දුප්පත්ම කොල්ලා මම මහියංගණයදි පෙරහැර බලන්න ඇවිත් හිටියා චුටි ලස්සන කෙල්ලෙක් දැක්කම දෙපරක් බලන්න හිතෙන ලස්සනක් තිබ්බ
මම අනිත් උන්ට කිව්වම උන් කිව්වේ යමන් ටෝක් කරලා නම්බර් එක දීපන් කියලා පුල් සපෝට් එක ඉතින් පැය ගානක් ට්රයි කරලා නම්බර් එක දී ගත්තා වැලි දාලා එකතු කර ගත්ත පොන් එකේ නම්බර් එක
ඉස්කොලේ ට්රිප් එකත් ඉවර වෙලා ආවා ගෙදර පහුවෙනිදා ඇහැරලා බලද්දි මිස් කොල් එකක් කොල් එකක් ගත්තා ඒත් වැඩ කරේ නෑ ඉස්කොලේ ගිහින් ඇවිත් ඉද්දි ආවා කොල් එකක්
හෙලෝ
පට්ට මිහිරි කට හඩක් කෙල්ලගේ
හෙලෝ කවුද මේ
මතකද මහියංගණයදි කෙල්ලෙක්ට නම්බර් එක දුන්නා අන්න ඒ කෙල්ල
අම්මෝ මේ ඔයාද විශ්වාස කරේ නෑ මන් කතා කරයි කියලා
ආ එහෙමද
හ්ම්ම්
පැයක් විතර කතා කරා අපි අද වගේ මතකයි මට
ඔහොම කතා කරා අපි මාස ගානක් යාලුවෝ විදිහට අපි අපිටත් හොරා ආදරේ කරන්න පටන් අරන්
කෙල්ල ගැන කිවේ නෑනේ එයාගේ නම හසනි මගේ සුදු නෝනා අම්මා තාත්තා ජොබ් කරනවා තව චුටි නන්ගියෙක් හිටියා
මම විභාගේ ලිව්වා ලියපු ගමන් ඊලග අවුරුද්දේ ගෙදරට හොරෙන් හමුදාවට අවේ තිබ්බ දුප්පත් කම නිසාම තමයි මගේ සුදු නෝනා කැමති උනේ නෑ මම හමුදාවට යනවට
මම හැමදේම තේරුම් කරලා දිලා හමුදාවට ගියේ බොහොම අමාරුවෙන් කොස් එකේ කතා කරන්න උනේම නෑ මගේ සුදු නෝනා එක්ක වචනයක්වත් කොස් එක ඉවර උන ගමන් ගත්තම ඇඩුවා පැය ගානක් අඩ අඩ කතා කරේ මගේ සුදු නෝනා එදා
හමුදාවට ගිහින් වැටුනේ යාපනේට යුද්දේ උපරිමයි මාස ගානකින් ගෙදර ගියාම තමයි අපි දෙන්නා කතා කරේ මගේ සුදු නෝනා කවදාවත් වෙනස් උනේ නෑ මම නිවාඩු දෙක තුනක් ආවට පස්සේ තමයි පලවෙනි පාරට බලන්න ගියේ මහියංගණයට
මහියංගණය පන්සලේ බෝධිය ලග වාඩි වෙලා මගේ සුදු නෝනයි මායි කතා කර ඉදලා යන්න ලෑස්ති වෙද්දි මගේ සුදු නෝනා මගේ අතේ බැන්දා පිරිත් නූලක් මහියංගණය යන හැම පාරක් ගානේ මැවි මැවි පේනවා අදටත්
මිනිස්සු මරපු යුද්දේ ඉවර උනා මගේ සුදු නෝනා එදා ඔක්කොටම වඩා සතුටු වෙන්න ඇති මමත් නිවාඩු ගිහින් පන්සලට වෙලා කතා කරනවා මහියංගණ පංසලේ ඇවිද්ද නැති තැනක් නැති තරම්
කාලය ගියා සුදු නෝනා මගේ පන වෙලා අපි අපේ ආදරේ ගෙවල් වලට කිව්වේ අවුරුදු 5 කට පස්සේ අපි දෙන්නට ගෙවල් දෙකේම කැමැත්ත හම්බ උනා කාලය ඔහොම යනකොට එක දවසක් මගේ සුදු නෝනට කැස්සක් එක්ක ලේ අවා
හොස්පිටල් එකෙන් කිව්වේ මගේ සුදු නෝනට පිලිකාවක් කියලා මම එදා දවසම ඇඩුවා ඩොක්ට කිවේ බේර ගන්න අමාරුයි කියලා කියනකොට මට පන නැති උනා
මම නිවාඩු යන දවසේ සුදු නෝනා කතා කරලා මට අමරුයි මහත්තයෝ මට බලන්න් ඕන කිව්වා මම කෙලින්ම ගියේ හොස්පිටල් එකට යනකොට මගේ සුදු නෝනව icu එකේ ටිකකින් ගෙනවා එලියට
මගේ මහත්තයෝ මට සමාවෙන්න මට ඔයා එක්ක ජිවිත කාලෙම ඉන්න බැරි උනාට ඔයා දුකින් ඉන්න එපා මන් නැති උනොත් ලස්සන කෙල්ලෙක් බදින්න මගේ සුදු නෝනා කියපු අවසාන වචන ටික මම උදේ යනකොට මගේ සුදු නෝනා මාව දාලා මේ ලොකෙන්ම ගිහින්
මගේ සුදු නෝනා මාව දාලා ගියා කියලා මට හිතාගන්න බැරි උනා සුදු නෝනව බදාගෙන ඇඩුවා ඒත් මගේ සුදු නෝනා මාව දාලා යන්නම ගියා
අදටත් මට මගේ සුදු නෝනා නැති උනා කියලා හිතා ගන්න බෑ ලගින් ඉන්නවා වගේ..........
ඒ වගේ ආදරයක් හොයා ගන්න ගොඩක් අමාරුයි අද මගේ සුදු නෝනා මන් ලග නැති උනත් එයා ඉන්න තැනක ගොඩක් සතුටින් ඇති මන් ප්රර්ථනා කරන්නෙත් ඒ දේ විතරයි පන්සලකට ගියත්
ගොඩාක් අමරුයි ඒ ආදරේ අමතක කරන්න මේ ටික ටයිප් කරද්දි නොදැනිම ඇස් වලට කදුලු පිරෙන්නේ හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට මොන දේ තිබුනත් සතුට ඒ ආදරේ අද මන් ලග නෑ
ඔයාලා දන්නවත් ඇති ZD ඇලේ වැටිලා මගේ අම්මා තාත්තා නැති උනා එකම දවසක දැන් මට මන් විතරයි මේ ලොකේ දුක වේදනාව නැති කර ගත්තේ ගොඩක් අමාරුවෙන් මං
හිත හදන්න පුලුවන් කාටද කවුරුත් නෑ දුක හිතුනනම් මාවත් යාලුවෙක් කරගෙන යන්න කැමතිනම්
ඒ මගේ ලැබීම කියලා හිත හදන් රෑට දුක පිට වෙන්නේ ඇස් වලින්