Monday, April 29, 2024
Follow Us
වැරදුනි, රැවටුනි, විශ්වාස කළෙමි
හිරි පොද වැස්සට තෙමිගන බස් එක ලගට දුහන ඒ සුන්දර යුවතිය දැකලා හිත ගැස්සුන් නෑ කිව්වොත් නම් එක බොරුවාක්..
ඇත්තමයි ගැස්සිලා ගියා උබේ මුණට වැටිලා තියන තේත වෙච්ච කොන්ඩේ එක පොකුරට අල්ලන් ජනේලේන් අහාස දිහා බලන් අහාසට බනිනවා වගේ පිස්සි එදා වගේමයි උබේ හිනාව වෙනසක් නෑ..
මේ මචෝ උබ යන් නැද්ද යකෝ වැස්සේ තෙමිගන ගාමට් කෙල්ලෝන්ට ටෝක් කර කර ඉන්නවාද? යමන් යන්න මගුල අහ් තව එකක් ආර උබ බලන් උන්න එකි මගේ යාලුවේක් උබට ඔනි නම් 
යමං යන්න මගේන් මොකුත් නහා
දවස් ගෙවි ගියාත් මගේ හිතේ ඇදුන ඒ දගකාර පිස්සු කෙල්ල මතක් වෙන එක නම් කිසිම අඩුවක් උනේ නෑ ඒ හින්දාමද කොහෙද ගාමට් එක ලගට ගිහින් හැමදාම හොරේන් එයා දිහා බලන් ඉදලා ගෙදර යනවා.. මටත් එක වෙලාවකට පිස්සු එහෙම කියන්නේ මගේ යාලුවෝ ඇත්තමයි මට පිස්සු.. එකි හින්දා මම පිස්සියක් වෙලා කාගේ කවුද නම මොකක්ද නොදාන්න ඒයාගේ අහිංසක ඇස් වලට මම ආදරේ කරනවා..
හැමදාම වගේ අදත් මම ගෙදර ගිහින් ඇදට වැටුනේ යාලුවෝ එක්ක ටිකක් සෙට් වෙලා උන්න හින්දා.. ඔව් ඔව් ටිකක් බිලා උන්නේ  ඒත් ඉතින් අද නම් නින්ද අහාලකටවත් එන පාටක් නෑ ඒ අස්සේ කොහෙන්දො ඉදලා ආපු වැස්ස මුලු පරිසරය පුරාම ගෙනාවේ මහා මුසල කමක්.. ජනේලේන් එලිය බලන් පොන් එක අතට ගත්තේ ෆ්බි එකට ලොග් වෙන්න උඩට පහාලට යන මම ෆ්බි එකට ඇවිත් තිබුන ෆ්රෙන්ඩ් රෙකුවෙස්ට් චෙක් කරන්න ගත්තේ කෙල්ලෝන්ගේන් අඩුවක් නැතුවම එන රෙකුවෙස්ට් ටික අචෙප්ට් කරන්න එත් ඉතින් හිත ගැස්සිලා ගියේ මම හැමදාම දකින්න පෙරුම් පුරපු මගේ කෙල්ල ඔව් එයා        
" නෑ වෙන්න බෑ උඹට වෙරි "
මම මටම බැන ගත්තේ මුලු හිතේම උන්නේ එයා ඉතින් මට වෙන කෙල්ලෝත් එයා වගේ පෙනවා ඇති කියලා හිතාන එත් නෑ ඒ එකිම තමා
ඒත් එක්කම ටික වෙලාවකින් ආවේ එයගේන් මැසෙජ් එකක්
" හෙලෝ අයියේ"
"නංගි "
" අද ඔයා ඇවිල්ලා උන්නේ නැනේ"
ඒ කියන්නේ මාව ඔයා හෙව්වා අනේ දෙවියනේ මගේ මැණික ඔයාත් මාව හොයනවා.. මම හිතන් උන්නේ මට විතරායි ඔයාව ඔනා කියලා දැන් ඉතින් ඔයා මගේ විතරායි ආය කාටත් අයිති වෙන්නේ නෑ මැණික..
දවස් ගෙවි ගියේ හරි ඉක්මනට මටත් හොරේන් මටත් නොදැනිම මම ඔයාට ලං උනා ඔයාත් එහෙමයි තාමත් මතකයි ඔයා මට ආදරේ කිව්වා එදත් හරියටම ඔයාව දැකපු පලවෙනි දවස වගේ හිනියට කඩා වැටෙන වැස්සේ මැයි ගහා යටට ඔයාගේ අතත් අල්ලන් දුහාන් ගිහින් මගේ ලගට ලං කරගන තුරුල් කරගත්තේ උබට එකම එක වතුර බින්දුවක් වත් වැටෙන්න නොදි තෙමිලා ලෙඩ හැදෙයි කියලා බයට..
උබත් මගේ ඇගට ගුලි වෙලා මටත් කලින් ආදරේයි මගේ අයියේ කියලා මාව තුරුල් කරගත්තේ හරියට මං නැති වෙයි කියලා බයට වගේ..
දවස් ගෙවි ගිහින් අපේ ආදරේ අපිට නැතුව බැරි උනා. ඉස්සර පිස්සේක් වගේ බිපු මම එදායින් පස්සේ බොන්න තියා යාලුවෝ එක්කවත් කතා කරේ නෑ ඒ උබ හින්දා මගේ මැණික.. අහපාන් වැස්සට හැමෝම බනිද්දි උබේ තාත්ති වැස්සට ආදරේ කරපු තරම්..
උබ ගාමන්ට් ගිහින් දුක් විදලා බස් එකේ එල්ලිලා යවන්න බැරි කමට වැඩ පාඩු කරන් ගෙදර ගිහින් අරින්න බයික් එකේ උපරිම වෙගේන් ඇස්ලේටරේ කාරකවලා අවේ උබේ ඔය තාලේට ගැහෙන බෝලා ඇස් දකින්න තියන හදිස්සියට..
එත් එක දවසක් 
මම උබ ලගට එද්දි උබේ අතින් අල්ලන් වෙන කොල්ලේක් ඉද්දි හෙනයක් ගැහුවා වගේ මුලු ඇගම ගල් වෙලා ගියා ටිකේන් ටික ලගට ගිහින් ඒ කොල්ලාව පෙන්නලා උබේන් අත දික් කරද්දී උබ කිව්වේ ඒ උබේ කොල්ලා කියලා..
උබ ඌත් එක්ක අත් අල්ලන් යද්දි මං පිස්සේක් වගේ ගල් ගැහිලා බලන් උන්නේ මගේ හුස්ම මටත් කලියේන් නතර උනා වගේ දැනෙද්දි සත්තයි මගේ මැණික මට ඔනා උනේ මැරෙන්න බයික් එකත් අරගන බිච් එකට ගියේ පිස්සේක් වගේ බිලා ඒක හිනයක් කියලා හිතන්න බිලා බිලා බිච් එකේ වැටිලා ඉද්දි පෝන් එකේ ස්ක්රින් එකේන් වැටුනේ සුදු මැණික කියලා උබේන් කෝල් විස්සක් කතා නොකර ඉන්නේ කොහොමද බං මම පෝන් එක අතට අරන් බොදවේලා පේන ස්ක්රින් එකේන් කෝල් එක ආන්ස කරලා කනේ තියාගත්තේ උබේ කටහඬ පිස්සේක් වගේ හොයද්දි..
" මැණික "
" මගේ අයියේ "
කොහොම බනින්නද උබ හුරතලේන් ඔහොම කතා කරද්දි.. අඩ අඩ මගේ මැණික කිව්වේ ' මම ඔයාට ආදරේයි මගේ අයියේ.. ඒ මගේ බොයි එයා මම ගොඩාක් දුක් විදලා අමාරුවේන් හදාගත්ත රත්තරං බඩු ඉල්ලන් රට යන්න ඔනි කියලා උගස් තිබ්බා ඒ අයියේ මට එයා ගොඩක් ගහානවා බනිනවා.. ඒයා රට යනකන් ඉන්න අයියේ මම ඔයා ලගට එන්නම් මට සමාවේලා මට ආදරේ කරන්න මගේ අයියේ ඔයාට පිං ..
ඒදාත් මම උබව විශ්වාස කලා ඔව් උබ කියපු හැමදෙම අකුරාක් නෑර පිලිගත්තා..
උබව ඒ කොල්ලාට හොරේන් මම පරිස්සම් කරා උබව ඉස්සර වගේම කිසි දෙයක් නොව්න ගානට උබව ආදරේන් බලාගත්තා උබට මතකද මගේ අතේ එල්ලිගන ගිහින් උබ පොඩි එකේක් වගේ අනේ අයියේ මට ආරක ඔනා මේක ඔනා කියද්දි උබට අරන් දිලා කනකන් උබ දිහා බලන් ඉන්නවා.. උබ අච්චාරු ඉල්ලලා මිරිස් කැල්ලක් හැපිලා උබ අඩද්දි පිස්සේක් වගේ මම කඩයක් හොයාගන ගිහින් උබට පැණිරස කෑම මල්ලක්ම අරන් එද්දි උබ ආර කොල්ලා බදාගන මගේ ඉස්සරහා ..
අනේ දෙවියනේ ඔව් එදා මම අතේ තිබ්බ පාර්සලේ විසි කරලා දලා පිස්සේක් වගේ පාරක් පාරක් ගානේ බයික් එකේ ඇස්ලේටරේ උපරිම අල්ලලා ගියේ තෙල් ඉවර වෙලා නතර වෙනකන් මම දැනන් උන්නේත් නෑ මම කොහෙද කියලා... බයික් එකේ ඉදගනම ඔලුව ගහාන් උබේ මගේ මතකයන් මවා ගත්තා...
ඒත් එක්ක්ම් අවේ උබේ යලුවේක්ගේන් කෝල් එකක් උබ කසාද බැදලා කියලා ඔව් ජීවිතේ පලවෙනි වතාවට මම ඇඩුවා උබ ඒක දැක්කේ නෑ.. උබ තියා කවුරුත් දැක්කේ නෑ මම ආදරේ කරන්න ගත්තු ඒ වැස්ස අද කඩා වැටුනේ මම ඒ වැස්සට වෛර කරන්න ගද්දි .. කට්ට කලුවරේ බයික් එක තල්ලු කරන් ගෙදර ගියේ මැරෙන්න බැරි කමට මම යද්දි පුටුවක් උඩට වෙලා මං එනකන් බලන් ඉදලා ඔහොමම නින්ද ගිහින් ඉන්න අම්මා දැක්කාම කොහොම නම් මැරේන්නද? මට හිල්ලුනා අම්මා ගැනම.. අම්මේ ඔයා මට මේ තරම් ආදරේද ? මං මගේන්ම ඇහුවා.
ඒත් අදටත් මම හොයනවා උබ කොහොමද මගේ අතේ එල්ලිලා ඉදලා මටත් නොකියාම වෙන කෙනෙක්ට අයිති උනේ කියලා.. උබ මට බොරුවට ආදරේ කියලා රගපැවේ උබට මොනා නම් කරාටද? මට මැණික එක පරාක් ඇවිත් කියලා යමං මේ අයියාව ඇයි තනි කරේ කියලා කොහොම හිතන්නද
කාට කියන්නද
මැණික නුඹ
වෙන ආදරයක් සෙව්වා
පතිනිය කරගන
තුරුලට ගන්නට
සිහින සිනා සෙනවා
තුරුලට ආරගන
නොරිද නුබේ වාත
හාදුවකින් සැනසුන මා
ඔහුගේ වෙලා අද
රිදුමන් විදගන
ඔහුගේ ලය මත
තැලි පොඩිවී
පතිවාත පුද දෙනවා...
කොහොම ඉවසන්නද
නුඹේ රුව
මැවි පෙනේන විට
රිදුමන් දරාගන්නට
මතේන් මත් වී
සිහි විකල් කරගන්නම
වෙනවා මයේ මැණික ..
නිමි.
ඉරෝෂා සෙව්වන්දි