Monday, April 29, 2024
Follow Us
පරාජය යනු අහිමි වීමයි. සිහින බිඳ වැටීමයි.

යම් ජීවී හෝ අජීවී වස්තුවක් සමග මනසින් හා සිරුරින් බැඳුනු මුල් අවස්ථාවේදීම අහිමි වීම , බිඳී යාම සිදු වූවා නම් සිතට දැනෙන ශෝකය අවම කර ගන්නට හැකිය. එහෙත් අයිති කර ගන්නට අංශක ගණනක් තිබියදී යමක් අහිමි වීම දරාගත නොහැකිය.


මා ජීවත් වන රට ප්‍රංශය , පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආර්ජෙන්ටිනාවට පරාජය වුණු මේ මොහොත එවැනි දුක දරා ගත නොහැකි මොහොතකි.
ස්පාඤ්ඤය , බ්‍රසීලය , ජර්මනිය , පෘතුගාලය වැනි ප්‍රබලයින් සේ ප්‍රංශයද අවසන් තරඟයට සුදුසුකම් නොලැබුවා නම් .....
ඉතාලිය මෙන් තරගාවලියටවත් සුදුසුකම් නොලැබුවා නම් ....
මෙවැනි දුකක් දැනෙන්නේ නැත.
කෙසේ වුවද හෝරා කීපයක් , දින කීපයක් ගතව යද්දී , ශීත කාලය නිම වී වසන්තය පැමිණෙද්දී මේ ලෝක කුසලාන පරාජය අමතක වී යනු නියතය.
ආර්ජෙන්ටිනාව , ප්‍රංශයට වඩා දක්ෂයෝය. ඔවුහු කුසලානය අයිති කර ගන්නට සුදුස්සෝය.
එය හොඳ තරඟයකි.