Thursday, April 18, 2024
Follow Us
මුල අමතකවීම

මුල අමතකවීම හොදයි කියන අදහසේ තමයි මම ඉන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. ගහක් කපන මනුස්සයාට මුල අමතක වෙනව සමහර වෙලාවට. සමහර මුල් කැපිල ගියත් ඇතැම් ඒවා පොලොව යටින් පැතිරිලා ගිහිල්ලා තියෙනවා.


සති කිහිපයකට මාස කිහිපයකට පස්සෙ ඒ මුල් නැවත අලුත් ගසක් හදනවා. ඉතින් මුල අමතක කරන සෑම කෙනෙකුටම දොස් නොකියන්න මේක හොද අදහසක් වේවි කියල හිතනව.
මොකද අර අමතක වෙච්ච මුල තියෙන කෙනා නැවතත් එවන් අයෙකුගේ නිර්මාණයට දායකත්වය සපයන්න පුළුවන්. ලෝක ස්වභාවය ඒකයි. මෙච්චර සංකීර්ණ ජීවිත අස්සෙ මුල් මතක තියාගෙන ඉදිරි ගමනක් කොහෙද වගේ සංකල්ප එක්කත් ඉන්න මිනිස්සු ගැන අහිතක් නොසිතා ජීවත් වුනාම ගැටලුවක් නෑ.
නදීෂ නිර්මාණ හේරත් ✍️