Thursday, April 25, 2024
Follow Us
මං දුවෙක්ගේ අම්මා කෙනෙක් නම්

ඇත්තටම එයාව මලක් වගේ බලාගන්නවා. ගෙදර දොර වැඩ කියලා දුන්නාට මං එයාගෙන් වැඩ කරගන්නේ නෑ.


එයාගේ ඇඳුම් ටික සෝදන එක, උයන පිහින එක මට ලොකු බරක් නෙවෙයි.
එයාට ඉඩ තියෙන හැම වෙලේම නිදාගන්න ඉඩ දෙනවා.
ලෝකය ගැන සමාජය ගැන සෙක්ස් ඔය හැමදේම මං එයාට කියලා දෙනවා.
සෙක්ස් කියන්නේ ආදරය කියන්නේ හංගගෙන කරන්න ඕන දේවල් නෙවෙයි කියලා එයාට තේරුම් කරලා දෙනවා.
එයාට නිදහසේ හැදෙන්න දෙනවා. එයාට ප්‍රශ්නයක් කරදරයක් උනොත් මං එයා ළඟ ඉන්නවා කියනෙක එයාට දැනෙන්න දෙනවා.
එයාට ක්ලාස් ට්‍රිප් යන්න දෙනවා. ඒත් එයාටත් රහසින් මං එයාගේ පස්සෙන් ඉන්න ඕන.
එයාට මිනිස්සු ආශ්‍රය කරන්න නොදි, එයාට මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ. ඒත් එයා ආශ්‍රය කරන්නේ කවුද කියනෙක මං දැනගෙන ඉන්නවා.
දුවෙක් නිදහසේ ඉන්නේ අම්මා ළඟ ඉන්නකල් විතරයි. ගැහැණියක් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ අම්මා ළඟ විතරයි.
ඒ අවුරුදු විස්සක් තිහක් වගේ කාලයක්. එතනින් එහා කියන්නේ ඒ හැමතැනම තියෙන්නේ කිසිවක් බලාපොරොත්තු නොවි කැපකිරීම් කිරීමක්.
ඔයාට දුවෙක් ඉන්නවා නම් මලක් වගේ බලාගන්න. ගෙදර වැඩ කරන්න , උයන්න පිහින්න කියලාවත් කියන්න එපා. එයා කැමැතෙන් කරනෙක වෙනමම දෙයක්.
ගෙදර වැඩ නොකලාට බනින්න එපා. ගහන්න එපා. නැන්දම්මාගෙන් ගුටි කාලා එන්න එපා කියන්න එපා.
දුවක් බිරිඳක් උනහම ඔය දේවල් නිකන්ම පුරුදු වෙනවා. මාත් එහෙමයි. මං උනත් ලොකුවට උයන්න දැනන් හිටියේ නෑ. දුවට නිදහසේ ඉන්න දෙන්න , පුතාට ගෙදර වැඩපල උගන්වන්න.
#නදී ❤