Thursday, April 25, 2024
Follow Us
___ළඟම ටීචට සාරි අන්දමු ජාතික ව්‍යාපාරය___

දැන් ටීචලා සාරි අඳින්නැති එක හෙනම අවුලක්නෙ... ඕක හින්දා අපේ සංස්කෘතික මාර විදිහට විනාස වෙනවනෙ... නියම සංස්කෘතික මිනිස්සු විදිහට අපි ඕකට විරුද්ධව මොකක් හරි පියවරක් ගන්නත් එපැයි...
ඉතින් මගෙ යෝජනාව තමයි, 'ළඟම ටීචට සාරි අන්දමු' ජාතික ව්‍යාපාරය...


දැන් ඔය ටීචලා සාරි අදින්න බෑ කියන එක හේතුවක්නෙ සාරිවල මිල ගණන්... ඉතින් මේකෙදි අපි කරන්නෙ, ටීචලා අනිවාර්යයෙන්ම සාරි ඇඳිය යුතුයි කියලා හිතන පුද්ගලයො ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා, තමන්ගෙ ළඟම ඉන්න එක ටීච කෙනෙක්ව තෝරගෙන සාරි අරන් දෙන්න ඕනෙ... ළඟම ටීච කියන්නෙ ළඟම ඉස්කෝලේ ඉන්න ටීච කෙනෙක් හෝ ගෙවල් ළඟම ඉන්න ටීච කෙනෙක්... හැබැයි කොන්දේසිය තමයි ඒ ටීච විශ්‍රාම ගිහින් සේවයෙන් ඉවත්වෙනකම්ම හැම අවුරුද්දකම නිශ්චිත සාරි ගාණක් අරගෙන දෙන්න ඕනෙ... තනියෙන් අමාරුනම් දෙතුන් දෙනෙක් ඉදිරිපත් වෙලා හරි කමන්නෑ...
කෙනෙක්ට හිතෙන්න පුලුවන් එහෙම අරන් දෙන්න අපිට කොහෙන්ද සල්ලි කියලා... එහෙම හිතෙනවානම් ඒ මනුස්සයා අනිවාරෙන්ම පරගැති නිවටයෙක්... මොකද අපේ සංස්කෘතික කියන්නෙ මිල කරන්න පුලුවන් දෙයක් නෙමෙයි... අපේ සංස්කෘතිය වෙනුවෙන් සාරි කීපයක මිල දරාගන්න එක අපේ මිනිස්සුන්ට මහලොකු දෙයක් නෙමේ... නියම පුරවැසියෙක්නම් අනිවාරෙන්ම ටීචලට සාරි අරන් දෙන්න ඉදිරිපත් වෙනවම තමා...
අනිත් අතට මේකෙන් දෙපැත්තටම සාධාරණයක් ඉෂ්ඨ වෙනවා... සංස්කෘතියත් රැකෙනවා, ටීචලා සාරි අ‍ඳිනවට කැමති අයට හැමදාම ටීචලට සාරි අන්දන්නත් පුලුවන්... ටීචලට උනත් තවදුරටත් සාරි වෙනුවෙන් වියදම් කරන්න ඕනෙ නැති නිසා ආර්ථික ප්‍රශ්නයක් එන්නෙත් නෑ...
කොහොමද යාළුවනේ පුංචි මගේ යෝජනාව... ???
✍️ Zachintha promod naotunna