Wednesday, April 24, 2024
Follow Us
මේ ගුරු දෙගුරු රැස්වීමක්..

මෙහේ දෙමව්පිය රැස්වීම් ගන්නෙ ලංකාවෙ වගේ උදේ නෙවෙයි. දෙමව්පියො රැකියා කරල ඉවර වෙලා ආවම හවස 6 ට වගේ. සමහර රැස්වීම් පාසලට ගිහින් සහභාගී වෙනව. ළමය ගැන වෙන වෙනම කතා කෙරෙන රැස්වීම් තියෙන්නෙ ගොඩක් වෙලාවට මේ වගේ පාසලේම online platform එකේ.


ඉස්කෝලෙන් කලින්ම email එකක් එවල මේ ගැන දැනුම් දෙනව. මේ online platform එකේ එක එක ලමයට වෙන වෙනම හැම ගුරුවරය එක්කම appointments වෙන් කෙරෙනව. එක ගුරුවරයෙක් එක්ක විනාඩි 5 ගානෙ. මේ රැස්වීමට කලින් දවසෙ ළමයගෙ performance and tracking report එකක් Email එකකින් එවනව. ලංකාවෙ වගේ පංතියෙ කී වෙනියද කියල තේරිල්ලක් මෙහේ නැහැ.(ඔය පංතියක කී වෙනියද කියල තෝරන එක මහ ගොබ්බම ගොබ්බ ක්‍රමයක්. අනිත් අයව පාගගෙන කපාගෙන හරි මොන ක්‍රමේකින් හරි යන්න ඕන කියන දරුණු වැරදි ආකල්පය ළමයින්ගෙ හැදෙන්නෙ එතනින් තමයි, මම විස්වාස කරන විදියට)
මෙහේ report එකේ තියෙන්නෙ Attendance, Attitude towards learning, Homework, Current working grade and End year prediction grade කියන categories යටතේ grading system එකකින් grade කල report එකක්.
මම කලින් කිව්ව වගේ හැම ළමයටම එයාගෙ දෙමව්පියො එක්ක අදාල ගුරුවරු සමග වෙන වෙනම Time slots මුලින්ම වෙන් කරල තමයි මේක කෙරෙන්නෙ. ඒ නිසා ළමයගේ පෞද්ගලිකත්වය ආරක්ශා වෙනව.
මේවගේ රැස්වීම් වල ගොඩක් ළමයට කතා කරන්න දෙනව. එයාගෙ අදහස් වලට තමයි ප්‍රමුඛ තැන දෙන්නෙ. දෙමව්පියන් විදියට අපේ ගැටලු සහ අදහස් අහනව. ළමයගෙ strengths and weaknesses ගැන සාකච්චා වෙනව. දැනට ළමයහෙ පැත්තෙන් එයාට ප්‍රශ්න තියෙනවනම් ඒවට ලොකු අවධානයක් යොමු කරල ඒවට විසඳුම් දෙනව. ළමයගෙ තව දියුණු වෙන්න ඕන පැති වගේම ළමයට ඇති Future opportunities ගැන පැහැදිලි කෙරෙනව. ගුරුවරුන් කතා කරන්නෙම දරුවව අගය කෙරෙන සහ එයාගෙ ඉගෙනීමට තියෙන උනන්දුව සහ ආශාව වැඩිවෙන විදියට.
මෙය බොහෝම මිත්‍රශීලිව ඉතාම ඵලදායකව කෙරුනු සාකච්ඡාවක් විධියට අවසන් වෙනව.
(ප.ලි: මේක ලිව්වේ අපේ රට පහතට දාල කතා කරන අදහසකින් නෙවෙයි කොහෙත්ම. ඒත් අපේ රටේ යල් පැනපු පසුගාමි ක්‍රම දැන්වත් හැදෙන්න ඕන කියල හිතුනු නිසා. විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍රමයෙ. රටක් දියුණු වෙන්න නම් එය අත්‍යාවශ්‍යයි)
Dilan Matiwalakumbura (London)