Friday, March 29, 2024
Follow Us
අවබෝධයකින් යුතුව තීරණ ගන්න අපි පුරුදු වෙමු

Me - Marry කරන්න කළින් ඉදලම Husband අරක්කු බොන්න පුරුදු වෙලාද හිටියෙ...
Client - ඒ දවස් වල හැමදාම බිව්වේ නැහැ. සතියට තුන් පාරක් හතර පාරක් වගේ බිව්වා.


Me - තුන් පාරක් හතර පාරක් බොන එක ඔයාට ප්‍රශ්නයක් වුණේ නැහැද ඒ දවස් වල.
Client - මම හිතුවේ Marry කළාට පස්සේ හරියයි කියලා. එයත් එහෙම තමයි කිව්වේ. Marry කළාට පස්සේ අඩු කරනවා කියලා. ඒක ඒ දවස් වල ලොකු ප්‍රශ්නයක් වුණෙත් නැහැ එයාට හොඳට සල්ලිත් තිබ්බ නිසා.
Me - එතකොට ඒ ද්වස් වල ගොඩක් තරහා ගන්න එකත් තිබ්බාද?
Client - ඔව්. සමහර වෙලාවට ගොඩක් තරහා ගන්නවා එයා. මගෙ Phone එකක් පවා කුඩු කරලා තියනවා. එයාම එයාගෙ Phone දෙකක් කඩා ගත්තා බිම ගහලා.
Me - එතකොට, ඒ දවස් වල ඔයාට ගහලා එහෙමත් තියනවාද එක පාරක් හරි. මම අහන්නේ ඔයාලා Marry කරන්න කළින්...
Client - මට මතක විදිහට පස් වතාවක් වගේ එයා මට අත උස්සලා තියනවා.
Me - කොච්චර කාලයක් Relationship එක තිබිලාද ඔයාල Marry කළා කිව්වේ?
Client - අවුරුද්දයි මාස 9ක්.
Me - ඒ පොඩි කාලය ඇතුළත එච්චර දේවල් වෙලත්, ඔයාට ඒ දේවල් කියන්න කෙනෙක් හිටියේ නැහැද? අම්මාට තාත්තාට ඔයා කිව්වේ නැහැද ඒ ප්‍රශ්න මොනවත්?
Client - මෙයා ටිකක් නපුරුයි කියලා දන්නවා. ඒත් මම වැඩිය දෙයක් කිව්වේ නැහැ. මම අර කළින් කිව්ව වගේ ගෙදර මට තිබ්බ පීඩනය එක්ක මට ඕන උණේ කොහොමහරි ගෙදරින් අයින් වෙන්න. අම්මා එයාගෙ Job එක ගැනයි, තාත්තා සල්ලි ගැනයි කිය කිය හිටියා හැරෙන්න මම ගැන බැලුවේ නැහැ. මට මගෙ නිදහස දුන්නෙත් නැහැ. ඒ අය කියන දේවල් තමයි මට පොඩි කාලේ ඉදලාම කරන්න වුණේ.
Me - ඔව් මට තේරෙනවා ඔයා කියන දෙය.
හැමදාම බීමත්ව ගෙදරට එන, හොඳටම තරහා ගන්න, ඇතැම් විට පහරදීම් පවා කරන, තවම වයස අවුරුද්දක් වත් නොවන ළමයා ගැන එතරම් සැළකිලිමත් බවක් නැති, එක පිරිමි පුද්ගලයෙකුගේ බිරිඳ කියපු කතාවෙන් කොටසක් තමයි ඒ.
බීමත්කම, දෙමව්පියන්ගෙ වැරදි, දුරදිග හිතන්නේ නැතිව තීරණ ගැනීම, වගේ ගොඩක් දේවල් වල ප්‍රතිඵලයක් තමයි ඒ.
ඔයා දැන් ඉන්න පවුල තුළ ප්‍රශ්න තියනවා වෙන්න පුලුවන්, ඔයාගේ අම්මා තාත්තා ඔයාව තේරුම් අරගන නැහැ වෙන්න පුලුවන්, අම්මා තාත්තා නිසා ඔයා ලොකු මානසික පීඩනයක ඉන්නවා වෙන්න පුලුවන්, හැබැයි ඒ ප්‍රශ්න වලට විසඳුම් විදිහට තවත් ප්‍රශ්න ගොඩකට යන්න එපා. ඒක නිකන් අපි අර කියන කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක්.
විවාහ වෙන්න කළින් කෙනෙක් හොඳටම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම්, විවාහ වෙන්න කළින් ඉදලාම අධිකව තරහා ගන්නවා නම්, පහරදීම් කරනවා නම්, ඒ වගෙ කෙනෙක් සමඟ විවාහ වීම ඉතාමත් අවදානම් දෙයක්.
(එහෙම කෙනෙක් සමඟ විවාහ නොවිය යුතුයි කියලා තමයි මගෙ පෞද්ගලික මතය විදිහට මම හිතන්නේ)
ඔයාට ඔයා විවාහ වෙන කෙනාව තෝරාගැනීමක් කරන්න පුලුවන්.
උදාහරණයක් විදිහට ඔයාගේ Husband කියන්නේ ඔයාගේ තෝරාගැනීමක්. හැබැයි, ඔයාගේ දරුවන්ට තාත්තා කියන්නේ තෝරාගැනීමක් නෙවෙයි. ලැබීමක්.
ඒ නිසා ඔයා කරන තෝරාගැනීම හොඳට දුරදිග හිතලා, අවබෝධයෙන් ඔයාට හොඳ දෙය තෝරාගැනීම කරන්න.
දරුවන්ට ලැබීමද හොඳ දෙයක් වෙයි එතකොට.
මොකද, විවිධ හේතූන් මත හොඳින් දුරදිග හිතන්නේ නැතිව තීරණ අරගත්ත නිසා, විවාහ වුණු නිසා ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියන, ගොඩක් මානසිකව පීඩා විදින පුද්ගලයන් ඕනෑතරම් මේ සමාජයේ ඉන්නවා. හොඳ ළමා කාලයක් අහිමි වුණු දරුවන් ගොඩක් ඉන්නවා මේ සමාජයේ.
ඒ නිසා හැඟීම් වලට යටත් නොවී හොඳ අවබෝධයකින් යුතුව තීරණ ගන්න අපි පුරුදු වෙමු.
Avishka Piyumal