Friday, April 26, 2024
Follow Us
ආහාර වට්ටෝරුව

අවමංගල්‍යයක් පැවැත්වෙන නිවසක සාම්ප්‍රදායික ව පැවත එන ආහාර වට්ටෝරුවක් තිබුණා කියලා හැමෝම දන්නවනේ.ඒත් මේක කාලයත් එක්ක වෙනස් වෙලා මරණ ගෙදර කෑම හදන්නෙ මඟුල් ගෙදරක වගේ සරුවට.ඒත් මේ පැරණි කෑම වට්ටෝරුවේ අරුත හැමෝම නොදන්නවා ඇති.මුහුණු පොතින් ලබා ගත්තු තොරතුරු එක්ක ඒ හැමදේම ඉදිරිපත් කරන්නම්.


ස්තුතියි මුල් හිමිකරුට..?
ශෝකය,භය,කාන්සිය,ආදී සිතුවිලිවලින් ⁣හෙම්බත් වෙලා ඉන්න අවස්ථාවක, අසමතුලිත වන ශරීර ක්‍රියාකාරීත්වය සමතුලිත භාවයට පත්කරලා දෙන්න මේ කෑම වර්ග 3 ට පුළුවන්..
මේ ද්‍රව්‍ය 3න්ම සිරුරට අධිකව කැල්සියම් ලැබෙනවා.
හැඬීමෙන් සොටු,දහදිය,කඳුළු වැනි ශරීර දියර වර්ග පිට වෙන නිසා සිරුරට අවශ්‍ය ඛණිජ ලවණවල හිඟයක් මතු වෙනවා.. ඒ නිසා විජලන තත්වයක් ඇති වෙනවා..
මෙවැනි අවස්ථාවල මේ කෑමවල තියෙන කැල්සියම් සහ එක් කරන ලුණුවලින් ඒ අවශ්‍ය ඛණිජ ලවණ ලැබෙනවා..
අළුකෙසෙල්වල තියෙන ග්‍රාහී ගුණ නිසා දියර වර්ගවල වැගිරීම් අඩුකරලා දියර වර්ග කැටි කරනවා.. විජලනය දුරු වෙන ගමන්,සෙමත් නසනවා.. විෂ සමනය කරන ගුණ නිසා සිරුරේ දොස් කිපීමෙන් ඇතිවූ විෂත් සමනය කරනවා..
වට්ටක්කා, අලුකෙසෙල් දෙකම ගැස්ට්‍රයිටිස්වලට ඉතාම ගුණයි.. අවමංගල්‍යයකදි නිවැසියන්ට ආහාර අනුභව වෙන්නෙ ඉතාම අඩුවෙන්.. ඒ නිසා ඇතිවන අම්ල පිත්තය,ඔක්කාරය හා බඩ පපුව දැවිල්ල සමනයට මහඟු ඖෂධ විදියට වට්ටක්කා සහ අලුකෙසෙල් උපකාරී වෙනවා..
වට්ටක්කා පොත්තේ කැල්සියමි අධික බව සහ වට්ටක්කා වල බීටා කැරෝටින් අඩංගු බව සිරුරට අවශ්‍ය විටමින් A ලබා දෙනවා..
වට්ටක්කාවල ඇති කුසගින්න ඇතිකරන ස්වභාවය නිසා, ශෝකී අවස්ථාවක අපට ඇතිවන බඩගිනි ⁣ දැනෙන්නෙ නැතිකම දුරු වෙලා කෑම රුචිය ඇති වෙනවා..
හරි හැටි අහරක් නොලැබීම නිසා ඇතිවන මලබද්ධයත් දුරු වෙනවා..
දින ගණනාවක් වුණත් නිරාහාරව හිටපු කෙනෙකුට පෝෂණය ලැබෙන ඉතාම පෝෂදායී ආහාරයක් විදියට වට්ටක්කා හඳුන්වන්න පුළුවන්..
බල කරවල ප්‍රෝටීන් බහුලයි. ශරීරයට විශාල ශක්තියක් ලබාදෙන්න ප්‍රෝටීන් බහුල ආහාරෙකට පුළුවන්..
මේවා පිසින්න යොදාගන්න පොල්කිරි නිසා අවශ්‍ය මේදය ඇති තරම් ලැබෙනවා..
මේදය හා විටමින් එකතු වෙද්දි, මේදයේ දියවෙන විටමින් වර්ග, පහසුවෙන් ශරීරගත වෙනවා..
මේවා සම්ප්‍රදායානුකූලව පැවත එන දේශීය ආහාර රටාවේ ඇති විශ්මිත හාස්කම්...
මෙවැනි වටිනා දේ මතු පරපුරටද ගෙනයන එක අපගේ වගකීමක්...
උපුටාගැනීමකි
කරුණු : වෛද්‍ය නිලානි වෙලේකුඹුරගේ ග්‍රන්ථයකින්..