Sunday, July 19, 2026
Follow Us
ආදරය පිරී ඇස් දෙකක්
ආදරය පිරී ඇස් දෙකක්
හිත නිවන ඉටි රූපයක්
සතු නුඹේ රුව දෙස
බලා සැනසෙන්නට ආශා කලේ...
නොබෝ කලකින් නුඹ මා හැර
දුරට යන බැව් දැනත්
මගේ කරගන්නට වෑයම් කලේ...
තුරුළු කරගත් විටක
නුඹේ ඔය හඳ ගැස්ම
විදින්නට මා පෙම් කලේ...
මිතුදමින් හෝ මා අසල
රැඳී කෝලම් වූ අපුරුව
සිහිවී මා කුල්මත් කලේ...
ඉතිං රත්තරං
කෙලෙස එය මා දරාගන්නද
කියනු මැන හරි ආදරෙන්...
..... nim .....
 
Heart of You