Saturday, May 02, 2026
Follow Us
මුළු හදම සිඹ... සෙනෙහෙමල් වපුරා
මුළු හදම සිඹ..සෙනෙහෙමල් වපුරා...
සැතපුනා එහි මටත් නොදැනිම සදාකල්හිම අරක්ගෙන නුඹ මගේ දිවියේ
මට මාවම මගහරින ලෙසේ.........
කොතෙක් දුර ආවත් නුඹෙ සුරතේ වෙලී
අතරමග නැවතුමක් අඳුරත් සමග එතී
හමුවීම සේම වෙන්වීම ලැබුනත් නිතී
මමයි... නුඹ හඳින් මිහිදන් කල පෙම්වති........
මතක තැවරුම් තව මැකී නැහැ
කඩතොලු අතරින් රිදුම් දිදී
පෑරෙන තරමට නුඹ තව ලංවෙයි
සසරෙ ගනුදෙනු නැතිද අහවරවී
ඇසුවා මගෙ සිත
අන්ත අසරණ වී..........
 
-අරෝෂා දමයන්ති